IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


බදුල්ල වෙළඳසැල් පිපිරුම නිරික්ෂණයට රස පරික්ෂක යයි


 
 
ප්‍රසාද් රුක්මාල්
 
බදුල්ල නගරයේ කොකෝවත්ත මාර්ගයේ දී මෝටර් රථ අමතර කොටස්  අලෙවිකරණ වෙළඳසැළක සිදුවු විශාල පිපිරිමක් සමඟ වෙළඳසැල් දෙකක් ගිනිබත් වී ව්‍යාපාරිකයකු මරුමුවට පත්වීමේ සිදුවීම වු ස්ථානය අද (13) පස්වරුවේ රජයේ රස පරික්ෂක ඩබ්ලිව්.ඒ ආර්.ප්‍රනාන්දු මහතා විසින් නිරික්ෂණය කරනු ලැබීය.


ඊයේ (12) අලුයම සිදුවු මෙම පිපිරිමක් සමඟ ඇතිවු ගින්න හේතුවෙන් වෙළඳසැල් දෙකක් මුළුමනින්ම ගිනි බත්වුහ.


පිපිරිමත් සමඟ ඒ අවට වෙළඳසැල් රැසකට අලාභ හානි විය.


එම සිද්ධියෙන් බදුල්ල පදිංචි හේමන්ත කුමාර (41) නැමති  ව්‍යාපාරිකයා මිය ගියේය.


රජයේ රස පරික්ෂක ඩබ්ලිව්.ඒ.ආර්. ප්‍රනාන්දු මහතා අද (13) පස්වරුවේ එම ස්ථානයේ තිබුණු සුන්බුන් නිරික්ෂණය කළ අතර සුන්බුන් කොටස් කීපයක්ම වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා ලබා ගත්හ.



අදහස් (0)

බදුල්ල වෙළඳසැල් පිපිරුම නිරික්ෂණයට රස පරික්ෂක යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31736 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14195 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11136 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 210 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1139 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 319 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site