IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


බදුල්ලේ රක්ෂිත 4 ක ගිනි ගැනීම්

( නිශාන්ත කුමාර )
 

බදුල්ල දිස්ත්‍රික්කයේ  පිහිටි රජයේ රක්ෂිත 4 කට  අද (30)  උදෑසන 6.00න් අවසන් වූ පැය 24 ක කාලය තුළ  ගිනි තබා ඇතැයි   බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ  මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂක ඊ එම් එල් උදය කුමාර මහතා පැවසීය.
 

පස්සර හා ලුණුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මායිමේ පිහිටි ලුණුගල කඳු වැටිය, එළදළුව හමුදා කදවුර ආසන්නයේ පිහිටි රක්ෂිතය, බදුල්ල ග්‍රීන්වුඩ් බෝගහමඩිත්ත රක්ෂිතය,   දියතලාව වයි  රක්ෂිතය  හා බදුල්ල  උඩුවර ප්‍රදේශයේ   රක්ෂීතයක් ඇතුලු  රක්ෂිත හතකට මෙලෙස ගිනි තබා ඇතැයි උදය කුමාර මහතා පැවැසීය.
 
කෙසේ වෙතත්  ගුවන් හමුදාව යුද හමුදාව, පොලීසිය හා වනසංරක සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු එක්ව  මෙම ප්‍රදේශයන්හි ගින්න  පාලනය කිරීමට පියවර ගත් බවද සහකාර අධ්‍යක්ෂවරයා පැවසීය.
 
මෙම ගිනි තැබීම් හේතුවෙන්  ගිනිගෙන විනාශ වූ භූමි ප්‍රමාණය මෙතෙක් ගණනය කර   නොමැති  බවද  සහකාර අධ්‍යක්ෂවරයා පැවසීය.

ගිනිගෙන දැවුණු බොහෝ ප්‍රදේශ රජයේ රක්ෂිත වන අතර ඒවායේ තිබූ වටිනා ගහකොළ රැසක් ගින්නෙන් විනාශයට පත්ව ඇතැයිද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය. මේ වනjsට සිදුවෙන මෙම ගිනි තැබීම්  පාලනය කිරීම සඳහා ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ලබන බදාදා (03) දිනය තුළ විශේෂ සාකච්ඡාවක් කැඳවීමට පියවර ගෙන ඇතැයිද සහකාර අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් පැවසීය.



අදහස් (0)

බදුල්ලේ රක්ෂිත 4 ක ගිනි ගැනීම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 43 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 838 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 607 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site