(විජේරත්න රත්නායක )
ඉකුත්(24)දා වැඩි ඡන්ද එකකින් පරාජයට පත්වූ බදුල්ල මහ නගර සභාවේ 2019 වසර සඳහා වූ මුදල් ප්‍රකාශය අද (31) යළි දෙවන වරටත් සභාවට ඉදිරිපත් කිරීමෙන් පසු එක් ඡන්දයකින් පරාජය විය.
ශ්රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය එක්ව බලය පිහිටුවා ඇති බදුල්ල මහ නගර සභාවේ සභා රැස්වීම් ශාලාවේදී අද (31) බදුල්ල මහ නගරාධිපති ඩබ්.ඩී.ප්‍රියන්ත අමරසිරි මහතා අයවැය වාර්තාව සභාවට ඉදිරිපත් කළ අතර ඉන් අනතුරුව සිදුකෙරුණු විවෘත ඡන්ද විමසීමේදී පෙර පරිදිම නගරාධිපතිවරයා ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 07 දෙනෙක් සහ උප නගරාධිපතිවරයා ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් 05 දෙනාද වශයෙන් සභාවේ ආණ්ඩු පක්ෂය අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.
විපක්ෂ නායකවරයා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 09 දෙනාද, ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් තිදෙනාද ඇතුළත් නගර සභාවේ විපක්ෂය සහ මේ වන විට විපක්ෂයේ ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී බාලගේ ආතර් සිල්වා මහතාද වශයෙන් සභිකයින් 13 දෙනෙකු අයවැයට විරුද්ධව ඡන්දය භාවිතා කළහ.
ඒ අනුව අයවැයට පක්ෂව ඡන්ද 12 ක් සහ විරුද්ධව ඡන්ද 13 ක්ද ලැබීමෙන් බදුල්ල මහ නගර සභාවේ 2019 වසර සඳහා වූ මුදල් ප්‍රකාශය දෙවන වරටද වැඩිඡන්ද 01 කින් පරාජයට පත්විය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ්රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
බදුල්ල මහ නගර සභාවේ අයවැය දෙවැනි වරටත් පරාදයි