(නිශාන්ත කුමාර)
බදුල්ල-මොරහෙල ප්‍රධාන මාර්ගයේ එකේ කණුව නිකපොත ප්‍රදේශයේදී මාර්ගය හරහා විශාල සියඹලා ගසක් කඩා වැටීම හේතුවෙන් මාර්ගයේ ගමනාගමන කටයුතුවලට අද (19) බාධා එල්ලවිය.
මාර්ගය අවහිර වීම හේතුවෙන් කළුගහකඳුර, මොරහෙල, කැටවත්ත, පිටමාරුව, කෝමාරික ඇතුළු ප්‍රදේශ රැසක බස් රථ සේවාවන් මුළුමණින්ම අවලංගු කිරීමට සිදුව ඇති අතර වාහන ගමනාගමන කටයුතු සඳහා විකල්ප මාර්ග භාවිත කිරීමට කන්දකැටිය පොලිසිය කටයුතු යොදා ඇත.
ගස කඩා වැටීමෙන් ඒ අසළ තිබූ විදුලි සහ දුරකථන රැහැන් පද්ධතියට ද බරපතල හානි සිදුව ඇති අතර අලුයම 5.00 සිට ප්‍රදේශ රැසක විදුලියද ඇණහිට ඇත.
ගස කපා ඉවත් කිරීම හා විදුලි රැහැන් පද්ධතිය අලුත්වැඩියා කිරීම මේ වන විට ආරම්භ කර ඇත.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
බදුල්ල-මොරහෙල මාර්ගයට ගසක් කඩාවැටී ගමනාගමනයට බාධා