IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


බදුල්ලේ පවුල් 75කට ආහාර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන්

එෆ්.අස්ලම්

බදුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාල සීමාවේ පදිංචි අති දුෂ්කර ජීවිතයක් ගෙවන දිළිදු පවුල් 75ක් වෙනුවෙන් දෙසතිය කාලයකට  ප්‍රමාණවත් සහල් ඇතුළු අත්‍යවශ්‍ය වියළි ආහාර ලබා දීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ බදුල්ල ශාඛාව අද(2) ඉදිරිපත් විය.

බදුල්ල සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය විසින් රජයේ වෛද්‍ය නිලදාරීන්ගේ සංගමයේ බදුල්ල ශාඛාවේ ලේකම් වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව එම සංගමයේ වියදමින් මෙම සහන සලසා දුන් බව එම සංගමය පවසයි.

මෙම කාර්ය සදහා වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා මාසයක වැටුපක් මුළුමනින්ම වෙන්කර දීමටද කටයුතු කළ අතර ඉතිරි මුදල් රජයේ වෛද්‍ය නිලදාරීන්ගේ සංගමය විසින් දරනු ලැබීය. 

බදුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාල සීමාවේ හදුනාගත් අති දුෂ්කර පවුල් 75ක් කිසිදු උපකාරයක් නොමැතිව දැඩි ආර්ථික අපහසුතා මධ්‍යයේ ජීවත්ව සිටින බවට සහ ඔවුන්ගේ ආදායම් මාර්ග මුළුමනින්ම බිදවැටී ඇති බවට වෛද්‍ය නිලදාරීන්ගේ සංගමය දැනුවත් කර තිබිණි.

බදුල්ල ප්‍රාදේශීය ලේකම්,සහකාර ප්‍රාදේශීය ලේකම් ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ බදුල්ල ශාඛා ලේකම් වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා අතින් සහන ලබා ගත්හ.



අදහස් (0)

බදුල්ලේ පවුල් 75කට ආහාර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 818 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2466 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1773 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site