IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


බදුල්ල දිස්ත්‍රික්කයට බලපෑ සුළං හේතුවෙන් නිවාස 310 කට හානි

(සමන් පාලිත නානායක්කාර)

බදුල්ල දිස්ත්‍රික්කයට බලපෑ තද සුළං තත්ත්වය හේතුවෙන් අද  (22) සවස් වන විට නිවාස 310 කට හානි සිදුවී ඇති බවත් පුද්ගලයින්  1100 කට අධික පිරිසක් පීඩාවට පත්වී ඇති බවත් බදුල්ල  ආපදා කළමනාකරණ ඒකකය පවසයි.

මෙම සුළං තත්ත්වය වැලිමඩ ,හල්දුම්මුල්ල, ඌවපරණගම මහියංගනය, කන්දකැටිය, රිදීමාලියද්ද සහ ලුණුගල යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාස වලට දැඩි ලෙස බලපෑ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.

ගස් කඩාවැටී නිවාස වලට හානිවීම් හා සෙවිලි තහඩු සුළඟේ ගසාගෙන යාම හේතුවෙන් නිවාස වලට හානි සිදුවී ඇති බව එම මධ්‍යස්ථානය පවසයි.

ඒ අනුව හල්දුම්මුල්ලේ නිවාස 86 ,වැලිමඩ නිවාස70, ඌවපරණගම නිවාස 20, මහියංගණය නිවාස 82, කන්දකැටිය නිවාස 18 ක් රිදීමාලියද්ද නිවාස 17 සහ ලුණුගල නිවාස 26 ක් හානි වී ඇති බවත් විපතට පත්වූවන්ට අවශ්‍ය සහන කඩිනමින් සැපයීමට කටයුතු යොදා ඇති බවත් බදුල්ල ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ උදයකුමාර මහතා පැවසීය.



අදහස් (0)

බදුල්ල දිස්ත්‍රික්කයට බලපෑ සුළං හේතුවෙන් නිවාස 310 කට හානි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 811 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 593 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site