(සිරාජ් හසීම්)
බදුල්ල කොට්ඨාස බාර පොලිස් අධිකාරී කාර්යාලයේ මූලිකත්වය මත සිදුකළ ඩෙංගු ව්‍යාප්තිය වැළැක්වීමේ වැඩසටහන යටතේ ඩෙංගු මදුරුවන් බෝවීමේ අවාධානමක් තිබූ ස්ථාන 226කට රතු නිවේදන නිකුත් කරමින් මදුරු කීටයන් බෝ වී ස්ථාන 18කට එරෙහිව අධිකරණය හමුවේ නඩු පැවරීමට පියවර ගෙන ඇත.
එමෙන්ම රතු නිවේදන නිකුත් කළ නිවාස හා ආයතන 226 ඇතුළු 255 තුළ ඩෙංගු පැතිරීමේ තත්වය දුරු කරගැනීම සඳහා තෙදිනක් කාලයක් ලබාදී තිබෙන බවත් එම කාලය තුළ අවට පරිසරය සුද්ධ පවිත්‍ර කර නොගන්නේ නම් ඔවුනට එරෙහිව නඩු පැවරීමටද පියවර ගන්නා බවත් පොලිස් අධිකාරී ධම්මික වීරසේකර මහතා සදහන් කළේය.
පොලිස් අධිකාරීවරයාගේ ඍජු අධීක්ෂණය යටතේ පොලිසිය,හමුදාව,ග්‍රාම නිලදාරීන් සහ රාජ්‍ය ආයතනවල නිලදාරීන් 8,9,10 යන තෙදින තුළ මෙම වැඩසටහන ක්‍රියාත්මක කළහ අතර මේ සදහා සහබාගී කරගත් නිලදාරීන් සංඛ්‍යාව 1246කි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
බදුල්ලේ ඩෙංගු බෝවන ස්ථාන 226කට රතු නිවේදන