IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


බදුල්ල කතරගම දේවාලය ඇසළ මංගල්‍යය 09 වැනිදායින් ඇරැඹේ

(පාලිත ආරියවංශ)


දෙවන විමලධර්මසූරිය රජ දවස ඉදිකරන ලදැයි සැලකෙන බදුල්ල ඓතිහාසික කතරගම දේවාලයේ වාර්ෂික ඇසළ මංගල්‍යය  09 වැනිදා කප් සිටුවීමෙන් ආරම්භ කරන බව බස්නායක නිළමේ රංජිත් උදයකුමාර දිසානායක මහතා පැවසීය.

මේ මස 10 වැනිදා  සිට 15 වැනිදා දක්වා දේවාල්‍යාභාන්තර පෙරහර 16 වැනිදා සිට 20 වැනිදා දක්වා කුඹල් පෙරහරද,  21 වනදා සිට 25 වනදා දක්වා රන්දෝලි පෙරහරද පැවැත්වේ.

25 වැනිදා අවසන් ර‍න්දෝලි පෙරහර වඩාත් උත්කර්ෂවත් වන බවත් මුතියංගන රාජ මහා විහාරස්ථානයේ සධාතුක කරඬුව පෙරටු කොට මෙම පෙරහර පැවැත්වෙන අතර බදුල්ල පත්තිනි දේවාලයේ පෙරහර රජ සවස සිට පැවත එන සිරිත් අනුව මෙම පෙරහරට එකතු වන බවත්  බස්නායක නිලමේ රංජිත් උදය කුමාර දිසානායක මහතා සදහන් කළේය.

කඹේ නැටීම හා පෙත්ත කැරකැවීම යන   බදුල්ල කතරගම දේවාලයට පමණක් ආවේණික සංස්කෘති අංගයන් අවසන් රන්දෝලි පෙරහර ගෙවැදිමට පෙර සිංහාසන මණ්ඩපය ඉදිරියේ මෙවරද පැවැත්වේ.

26 වනදා අලුයම බදුලුඔයේ තොටුපලේදි දිය කැපීමෙන් හා ගිනි පෑගීමෙන් මෙම ඇසළ මංගල්‍යය නිමාවට පත්වේ.



අදහස් (0)

බදුල්ල කතරගම දේවාලය ඇසළ මංගල්‍යය 09 වැනිදායින් ඇරැඹේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 396 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 230 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1021 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site