( තිළිණි ද සිල්වා)
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව නුගේගොඩ නාලන්දාරාමාධිපති තීනියාවල පාලිත හිමියන් වත්මන් රජයේ ආයතනවල සිදුවී ඇතැයි කියන දූෂණ වංචා පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසමට පැමිණිල්ලක් ගොනු කර ඇතැයි එම කොමිසම පවසයි.
විදේශීය රටවලින් මුස්ලිම් ජනතාව ගෙන්වා මුස්ලිම් ග‍්‍රාම නිලධාරීන් ලවා ව්‍යාජ උප්පැන්න සහතික සකස් කර ඒවා ඡන්ද නාමලේඛන වලට ඇතුළත් කර ඇතැයි කියමින් හා ඔහු සතුව මන්නාරමේ ඉඩම් අක්කර 3000ක් පවතින බවට වත්කම් බැරකම් ප‍්‍රකාශ වලින් හෙළීවීම සම්බන්ධයෙන් ජනාධිපති පරීක්ෂණ කොමිසම හරහා නිසි පරීක්ෂණ පවත්වන්නැයි ඉල්ලා තීනියාවල පාලිත හිමියන් සිය පැමිණිල්ලෙන් ඉල්ලා ඇත.
අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ කටයුතු පැවැත්වීම තීරණය කිරීමට එම පැමිණිල්ල අද (28) ජනාධිපති පරීක්ෂණ කොමිසමේ සභාපතිවරයා ප‍්‍රමුඛ පංච පුද්ගල පරීක්ෂණ මණ්ඩලයට බාර දුන් බවද එම කොමිසමේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශයෙක් පැවසීය.
තවද මහා පරිමාණ ජාතික ව්‍යවසනයකට මුල් වූ සිංහල සහ මුස්ලිම් ජනතාව අතර අවිශ්වාසය ගොඩ නැගීමට අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සහ නැගෙනහිර ආණ්ඩුකාර ඒ.එල්.එම් හිස්බුල්ලා මහතා කටුයතු කර ඇතැයි ද තීනියාවල පාලිත හිමියන් ජනාධිපති කොමිසමට ඉදිරිපත් කළ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වේ.
2025 දෙසැම්බර් මස 16
18
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
බදියුදීන්ගේ - රජයේ ආයතනවල වංචා ගැන සොයන්නැයි හිමිනමකගෙන් පැමිණිල්ලක්
දිමුත් Wednesday, 29 May 2019 03:52 AM
ඉතින් ඔය ආණ්ඩුකාරයාව පත්කලේ කවුද?