IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


බුදුපිළිම කැඩූ පුද්ගලයකු රක්ෂිත බන්ධනාගාරයට


(දිනේෂ් උපේන්ද්‍ර)                                                                                 
            
කටුපොත අලහිටියාව විහාරස්ථානයේ පිහිටුවා තිබූ අඩි 3ට ආසන්න බුදු පිළිමයක් කඩා දැමූ පුද්ගලයකු කුලියාපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අපේ‍්‍රල් මස 03 දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගතකරන ලෙසට කුලියාපිටිය මහේස්ත‍්‍රාත් ජනනි එස් විජේතුංග මහත්මිය නියම කළාය.
            
සැකකරු වයස අවුරුදු 35ක පමණ පුද්ගලයෙකි.
 
එදිනට සැකකරු හඳුනාගැනීමේ පෙරට්ටුවකටද ඉදිරිපත්කිරීමට නියමිතව තිබිණි.
            
කටුපොත පොලිසිය සැකකරු බී වාර්තාවක් මගින් ඉදිරිපත් කරමින් මෙය 2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳව ජාත්‍යන්තර සම්මුති පනත අනුව වරදක් බව අධිකරණයට කරුණු දැක්වීය. අදාළ පනත අනුව ඇප සම්බන්ධව මහේස්ත‍්‍රාත් අධිකරණයට බලතල පැවරී නැති බව පවසමින් සැකකරු රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට නියම විය.
            
කටුපොත පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක රත්නායක මහතාගේ උපදෙස් මත සැකකරු මුහුණු ආවරණ සහිතව අධිකරණයට ඉදිරිපත්කර තිබිණ. 



අදහස් (2)

බුදුපිළිම කැඩූ පුද්ගලයකු රක්ෂිත බන්ධනාගාරයට

Bamunuarachchi Tuesday, 26 March 2019 03:04 PM

මේ ගොයියාගේ මුහුණු පොඩ්ඩ යු ටියුබ් එකට දමන්න නමත් සමග.

:       0       0

Bamunuarachchi Tuesday, 26 March 2019 03:05 PM

අඬු කැඩුවේ නැද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 163 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site