IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


බදින තුවක්කුවට අලි පැටවා බිලි

(අනුරාධපුර-දයාරත්න ඇඹෝගම)

වන සතුන් ඝාතනය කිරිම සදහා දඩයක්කරුවෙකු විසින් අටවන ලද බදින තුවක්කුවක් පත්තු විම නිසා වයස අවුරුදු තුනක අලි පැටවෙකු මිය ගොස් සිටියදි අලුත්වැව වැව් බැම්ම පාමුල ආසන්නයේදි සොයාගත් බව වනජීවි දෙපාර්තමේන්තුවේ අනුරාධපුර අඩවි වන නිලධාරි කාර්යාලය කියයි.

දිවුල්වැව පොලිස් වසමේ කුඹුක්වැව,මීමින්නාවල,අලුත්වැව වැව් බැම්ම ආසන්නයේ වැටි සිටි මෙම මිය ගොස් සිටි අලි පැටියා සම්බන්ධයෙන් ගම්වාසියෙකු විසින් ලබාදුන් තොරතුරක් මත වනජීවි දෙපාර්තමේන්තුවේ නිලධාරින්  අලි පැටියා සොයා ගෙන තිබුණි.

 අඩි තුනක් පමන උසින් යුක්ත අවුදුරුදු තුනක් පමන වයසැති මෙම වන අලි පැටියා මීට සති දෙකකට පෙර දඩයක් කරැවෙකු විසින් අටවන ලද බදින තුවක්කුවක් පත්තු විම නිසා ඉදිරි පාද දෙකට බරපතල හානි සිදුව ඇතැයි වනජීවි නිලධාරිහු පවසයි.

බදින තුවක්කුව පත්තුවිම නිසා ඉදිරිපාද දෙකට තුවාල සිදුවි ඔඩු දිවිම නිසා අලි පැටවා මිය ගොස් ඇතැයි අලි පැටියාගේ මරණය සම්බන්ධයෙන් පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා විසින් සිදුකළ පශ්චාත් මරණ පරික්ෂණයේදි අනාවරණයවි තිබුණි.අලි පැටියා පාදයේ තිබු යකඩ බෝල කිහිපයක්ද මෙහිදි සොයා ගෙන තිබේ.

 

 



අදහස් (0)

බදින තුවක්කුවට අලි පැටවා බිලි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31110 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13237 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10949 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 43 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 881 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 264 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site