IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


බද්දේගම කොස්ගහලන්ද පවුල් 15ක් නායයාමේ අවදානමක

(ජී.ඩබ්ලිව්.කේ.පේ‍්‍රමතිලක ද සිල්වා)
 
ගාල්ල, බද්දේගම ප‍්‍රාදේශීය ලේකම් බල ප‍්‍රදේශයේ ඉඳුරුපත්විල ග‍්‍රාම නිලධාරි වසමේ පිහිටි කොස්ගහ කන්දේ පැලීම්  නායයාමේ ලක්ෂණ මතුව ඇතැයි පවතින  බව ප‍්‍රදේශවාසීහු කියති.
 
මේ හේතුවෙන් එම කන්ද ආශ‍්‍රිතව ජීවත් වන පවුල් 15 ක් පමණ අවදානමකට පත්ව ඇතැයිද ඔවුහු පවසති. මේ සම්බන්ධව වගකිවයුත්තන් දැනුම්වත් කළද මේ වනතුරු කිසිඳු විසඳුමක් තමන්ට නොලැබුණු බවද ඔවුහු කියා සිටිති.
 
මේ සම්බන්ධයෙන් ගාල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ මේජර් ඉන්දුක වික‍්‍රමසිංහ මහතාගෙන් විමසීමේදි ඒ මහතා මෙසේ කීය.

“මේ ගැන ප‍්‍රදේශවාසීන්ගෙන් පැමිණිල්ලක් අප වෙත ලැබුණා. ඒ පිළිබඳන අප බද්දේගම සහකාර ප‍්‍රාදේශීය ලේකම්වරයාට දැනුම් දුන්නා”යැයි කීය.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ගාල්ල කාර්යාලයේ භූ විද්‍යාඥ ඊ.ආර්.බන්දුල මහතා මෙසේ පැවසීය.

“ තවමත් මෙම කරුණ සම්බන්ධයෙන් අප දැනුම්වත් වී නැහැ. අවශ්‍ය තොරතුරු ලැබුණු පසුව මේ ගැන සොයා බැලීමට කටයුතු කරනවා” යැයි කීය.



අදහස් (0)

බද්දේගම කොස්ගහලන්ද පවුල් 15ක් නායයාමේ අවදානමක

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32107 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14580 10



මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 46 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 314 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1257 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site