(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයට අයත් බණ්ඩාරගම ගබඩාවෙන් කාලයක් තිස්සේ රාත්‍රී කාලයේ හොර රහසේ ජලය මුදල් වලට විකිණූ ආරක්ෂක නිලධාරියෙක් සහ ජල බවුසර් රියදුරන් දෙදෙනෙකුද සමඟ අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි.
ජලය හොරෙන් රැගෙන යාමට ගෙන ආ ජල බවුසර් තුනක්ද පොලිසිය බාරයට ගෙන ඇත.
වැටලීම වන අවස්ථාවේ බවුසර් රියදුරු පලාගිය බව පොලිසිය කියයි.
පානදුර ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුට අයත් මෙම බවුසර්වලින් රැගෙන යන ජලය පානදුර මහවිල කාර්මාන්තශාලාවකට විකුණා ඇතැයි පොලිසිය කියයි.
ජාතික ජල සම්පාදන හා ජලාපවහාන මණ්ඩලයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ මහිලාල් ද සිල්වා මහතා කරන ලද පැමිණිල්ලකට අනුව වැටලීම කළ බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


2025 දෙසැම්බර් මස 18
178
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
156
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බණ්ඩාරගම ජල ගබඩාවේ ජලය විකිණූ 3ක් අත්අඩංගුවට