IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


බීඩි කොළ කිලෝ 385 ක් සමඟ ධීවරයෙක් අත්අඩංගුවට

(සිතුම් චතුරංග)

කොළඹ ප‍්‍රදේශයට ප‍්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ බීඩි කොළ කිලෝ 385 සමඟ ධීවරයකු අද (25) උදෑසන මන්නාරම  ඕලූතුඩුවායි වෙරළ තීරයේ දී අත්අඩංගුවට ගත් බව මන්නාරම පොලිසිය කියයි.

නීති විරෝධීව ඉන්දියාවේ සිට රැගෙනවිත් ප‍්‍රවාහනය කිරීමට සූදානම් බීඩි කොළ ජාවාරමක් සම්බන්ධයෙන් මන්නාරම මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ක‍්‍රිෂාන්තන් මහතා වෙත ලැබුණ තොරතුරකට අනුව මන්නාරම කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන් සිදුකළ වැටලීමක දී බීඩි කොළ තොගය සහ සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

සැකකරු ඉන්දියාවේ සිට ධීවර බෝට්ටු මාර්ගයෙන් බීඩි කොළ මන්නාරම  ඕලූතුඩුවායි වෙරළ තීරයට රැගෙනවිත් මාළු වාඩියක සඟවා පසුව ලොරි රථයකින් කොළඹ ප‍්‍රදේශයට ප‍්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ බවට විමර්ශනවලදී අනාවරණය වූ බවද පොලිසිය සඳහන් කළේය.

සොයාගත් බීඩි කොළ තොගය පොලිතින් මළු 12ක් තුළ අසුරා තිබූ බවත් එහි වටිනාකම රුපියල් ලක්ෂ 18 ඉක්ම වන බවද පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරු අනුරාධපුර, නොච්චියාගම ප‍්‍රදේශයේ පදිංචි  49 හැවිරිදි පුද්ගලයෙකි.

          



අදහස් (0)

බීඩි කොළ කිලෝ 385 ක් සමඟ ධීවරයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 814 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site