(ප්‍රසාද් මුතුකුඩ)
බඩල්ගම සිරිංගපාත රජයේ වතුයාය ප්‍රදේශයේ දී ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන දුරකථන රැහැන් කණුවක ගැටී අද (18) සිදුවු අනතුරින් රථයේ ගමන් කළ කාන්තාවක් මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා රොහල් ගත කළ බව කොටදෙනියාව පොලීසිය කියයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ කඩවත ගනේමුල්ල පොකුණ හංදියේ පදිංචි සුභාෂිනි ධනපාලි නැමැති (58) පමණ වයසැති විවාහක කාන්තාවකි.
ගිරිඋල්ල සිට මීගමුව දෙසට වේගයෙන් ගමන් කරමින් තිබු ත්‍රිරෝද රථය පැදවු වයස 22 පමණැති රියදුරාට එහි වේගය පාලනය කරගත නොහැකිව මාර්ගය අසල දකුණු පස තිබු දුරකථන රැහැන් කණුවක සහ කම්බි කණු කීපයක ගැටි මෙම අනතුර සිදු වන්නට ඇති බවත් ඒ අවස්ථාවේදි රියදුරා හට නින්ද ගොස් සිටියා විය හැකි බව පොලිසිය සැක පහළ කරයි.
මිය ගිය තැනැත්තියගේ 79 , වියැති මව සහ 54 වියැති සහෝදරියකද ඇයගේ පුතෙකු විසින් ත්‍රිරෝ රථය පදවා පැමිණි රියදුරාද මෙම අනතුරින් බරපතල ලෙස තුවාල ලබා සිටි බවත් තුවාල කරුවන් වැඩිදුර ප්‍රතිකාර සදහා කුරුණැගලට මූලික රෝහලට මාරු කර යවා ඇත.
ශාන්ති කර්මයක් කරගැනීමට දේවාලයකට යෑම සදහා පැමිණිමේදි මෙම අනතුර සිදුව ඇති බවට කළ මූලික පරික්ෂණ වලදි අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.
2025 නොවැම්බර් මස 04
751
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2404
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1759
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බඩල්ගම අනතුරින් කතක් මරුට තිදෙනෙක් රෝහලේ