IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


බෝගස්වැව ගොවීන් කුඹූරු ඉල්ලා උද්ඝෝෂණයක


 
 
රොමේෂ් මධුෂංඛ

 
යුද්ධයෙන් පසුව නැවත පදිංචියට පැමිණි වව්නියාව බෝගස්වැව කලාපය ප්‍රදේශයට අයත් කුඹුරු සාමාන්‍ය ගොවීන්ට ගොවිතැන් කිරීමට ලබාදෙන ලෙස ඉල්ලා විශාල ගොවීහු පිරිසකගේ සහභාගීත්වයෙන් උද්ඝෝෂණයක් පැවැත්විණි.


බෝගස්වැව ගොවි අයිතීන් දිනාගැනීමේ සංවිධානය විසින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබූ අතර මේ සඳහා නන්දමිත්‍රගම,සැලලිහිණිගම, නාමල්ගම, බෝගස්වැව 02, බෝගස්වැව සහ වෙහෙරගම ගොවි ජනතාව විශාල ප්‍රමාණයක් රැස්ව සිටියහ.


උද්ඝෝෂණ අවස්ථාව සඳහා සමස්ත ලංකා ගොවි සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා ද සහභාගී වූ අතර උද්ඝෝෂණය නන්දිමිත්‍රගම රඹවෙට්ටිකුලම් වැව ඉදිරිපිට පිහිටි ගොවිපළ ඉදිරියේ දී පැවත්විණි.


උද්ඝෝෂණයේ නිරතවූවන් වැඩි දුරටත් මෙසේ පැවසීය.


යුද්දෙන් පසුව නැවත පදිංචියට පැමිණි කිසිවෙකුටත් මේ වන විට ආහාරයට අවශ්‍ය ගොවිතැන් කිරීමට කිසිදු කුඹුරක් නොමැති අතරම අවස්ථා කිහිපයකදීම රඹවෙට්ටිකුලම් වැව යටතේ ඇති අක්කර 250 කට අධික භූමි භාගයක පිහිටි කුඹුරු යාය ප්‍රදේශයේ ගොවි ජනතාවට ගොවිතැන් කිරීමට ලබාදෙන මෙන් ඉල්ලා සිටියද මේ දක්වා එයට විසඳුමක් නොලැබුණු බවටත් මේ වන විට අදාළ ගොවිපල සිවිල් ආරක්ෂක බළකාය විසින් පරිහරණය කරන නිසාවෙන් එම කුඹුරුයාය ගොවි ජනතාවට ලබා දෙන ලෙසටයි.


 



අදහස් (0)

බෝගස්වැව ගොවීන් කුඹූරු ඉල්ලා උද්ඝෝෂණයක

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31834 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14294 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11167 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 235 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1173 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 334 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site