(හැටන් රංජිත් රාජපක්ෂ)
බැකෝ යන්ත්‍රයක් ප්‍රධාන මාර්ගයක් හරහා පෙරලී යාමෙන් හැටන් - බලංගොඩ ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය අද (05) දහවල් සිට සම්පූර්ණයෙන්ම ඇණ හිට ඇති බව පින්නවල පොලිසිය පවසයි.
බලංගොඩ - හැටන් ප්‍රධාන මාර්ගයේ පින්නවල පුදුකාඩු ප්‍රදේශයේ මාර්ග පුළුල් කිරීමේ කටයුත්තකට යොදා තිබූ මෙම බැකෝ යන්ත්‍රය අද දහවල් 12ට පමණ ප්‍රධාන මාර්ගය හරහා පෙරලී ඇති බවත්, ඉන් කිසිවෙකුටත් අනතුරක් සිදු වී නොමැති බව පින්නවල පොලිසිය සඳහන් කරයි.
බැකෝ යන්ත්‍රය ප්‍රධාන මාර්ගය හරහා පෙරලී යාම නිසා හැටන්, බලංගොඩ, බගවන්තලාව, මාරතැන්න, වාලෙයිබොඩ, ඇඹිලිපිටිය යන ප්‍රදේශ දක්වා ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇණ හිට ඇත.
ප්‍රධාන මාර්ගය හරහා පෙරලී ඇති බැකෝ යන්ත්‍රය ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති අතර, එම මාර්ගයේ ගමනා ගමන කටයුතු කඩිනමින් යථා තත්වයට පත් කරන බව පින්නවල පොලිසිය පවසයි.
බැකෝ යන්ත්‍රයක් පාර හරහා පෙරළෙයි
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
බැකෝ යන්ත්‍රයක් පෙරලීමෙන් ගමනාගමනය ඇණ හිටී