IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පාළු නිවසක් තුළ හෙදියක් කපා කොටා ඝාතනය කරලා

( රවීන්‍ද්‍ර ප‍්‍රභාත් නෙත්තසිංහ)

කුරුණෑගල ශික්ෂණ රෝහලේ හෙදියක පාළු නිවසක් තුළ කපා කොටා ඝාතනය කර ඇතැයි වාරියපොල පොලිසිය පවසයි. 

පොලිසියට ලැබුණු නිර්ණාමික දුරකථන ඇමතුමකට අනුව වාරියපොල ගලගෙදර ප‍්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී බරපතල තුවාල සහිතව සිටි හෙදියගේ සිරුර හමුවී ඇති අතර රෝහලට රැගෙන ගියද ඒ මොහොත වන විටත්   ඇය  මිය ගොස් සිටි බව පොලීසිය සඳහන් කළේය.


කාන්තාව සමඟ එම අවස්ථාවේ නිවසේ සිටි වයස අවුරුදු 29ක පුද්ගලයෙකු ඝාතනය සම්බන්ධව සැකපිට පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇති අතර ඔහු වසර දෙකහමාරක පමණ කාලයක් මියගිය හෙදිය සමඟ මෙම නිවසේ දිවිගෙවා ඇති බව පොලිස් පරීක්ෂණ වලදී හෙලිවී තිබේ. 

මියගිය කාන්තාව පළමු සැමියා සහ දරුවන් තිදෙනෙකු අතහැර ඉහතකී පුද්ගලයා සමග කල්ගෙවා ඇති බවටද පොලිසියට තොරතුරු අනාවරණය වී ඇත.

මෙසේ ඝාතනයට ලක්වූයේ පී.එම්. ශ්‍යාමලී පතිරාජ නැමැති වයස අවුරුදු 46ක හෙදියකි. 



අදහස් (0)

පාළු නිවසක් තුළ හෙදියක් කපා කොටා ඝාතනය කරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 408 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 236 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1024 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site