IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


පිළියන්දල බෝක්කුවක් යට කාන්තා මළ සිරුරක්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
ඝාතනය කළ බවට සැකකරන කාන්තාවකගේ මළ සිරුරක් පිළියන්දල අලුත්පාර මාම්පේ ප්‍රදේශයේ බෝක්කුවක් යට තිබී අද(01) හමු වූ බව පිළියන්දල පොලිසිය කියයි.
 
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ගෝනපල කුඹුක පදිංචිව සිටි උදේනි ගීතාංජලී නමැති 47 හැවිරිදි සිව්දරු මවකි.
 
ඊයේ (30) දහවල් මෙම කාන්තාව නිවසින් පිටව ගොස් තිබූ බව මූලික පරීක්ෂණවලදී හෙළි වූ බව පොලිසිය පවසයි.
 
ඇය අතුරුදන් බවට ඇගේ සොහොයුරා විසින් මොරගහහේන පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව කළ පරීක්ෂණවලදී මළ සිරුර සොයාගෙන ඇත.
 
පිළියන්දල පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ  පවත්වයි.



අදහස් (0)

පිළියන්දල බෝක්කුවක් යට කාන්තා මළ සිරුරක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site