IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


පොළොන්නරුවේ 264ක් පීඩාවට

(ක. ග. කරුණාරත්න)
 
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පවුල් 78ක පුද්ගලයින් 264දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය කියයි.
 
නිවාස 5කට හානි සිදුව තිබෙන අතර හිඟුරක්ගොඩ පිංපාර ප‍්‍රදේශයේ නිවෙසක කොටසක් කඩාවැටීමෙන් එක් අයෙකු තුවාල ලබා තිබේ.
 
දිඹුලාගල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගංවතුරට කොටුවී සිටි පවුල් 5ක් ආරක්‍ෂිත ස්ථාන කරා ගෙනඒමට පියවර ගත් බව පොළොන්නරුව දිස්ත‍්‍රික් ලේකම් පණ්ඩුක අබේවර්ධන මහතා ප‍්‍රකාශ කළේය.
 
පොළොන්නරුව- මඩකළපුව ප‍්‍රධාන මාර්ගයේ ගල්ලෑල්ල ප‍්‍රදේශය ස්ථාන කිහිපයක් ජලයෙන් යටවී ඇතැත් එය රථවාහන ගමනාගමනයට බාධාවක් නොවනබව පොලීසිය සඳහන් කළේය.
 
මින්නේරි ඔය සහ මළඔය මේ වනවිට පිටාර ගලමින් පවතී.  ඒ හේතුවෙන් පටුනුගම, මුණිසිරිගම, හිඟුරක්දමන, 6 කණුව යන ප‍්‍රදේශවල නිවාස රැසක් ජලයෙන් යටවී ඇත. ගල්අමුණ 6 කණුව මාර්ගයේ  ස්ථාන කිහිපයක්ද ජලයෙන් යටවී තිබේ.
 
කුඹුක්කන්ආරුව සහ තලපත් ආරු පිටාර ගැලීම හේතුවෙන් ලක්‍ෂ උයන, ආර් බී 5 ඇළ, වැවේතැන්න, තඹාල, සුංගාවිල යනප‍්‍රදේශවල කුඹුරුඅක්කර 1500කට අධික ප‍්‍රමාණයක් යටවී තිබේ.
 
වර්ෂාව අඛණ්ඩව පවතින  බැවින් දිස්ත‍්‍රික්යේ මහ වැව්වල ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළ යමින් තිබෙනබව වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියයි.



අදහස් (0)

පොළොන්නරුවේ 264ක් පීඩාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site