(ඩබ්. ඒ. පියතිලක)
වැඩිකළ වැටුප් ලබා දෙන්නයි ඉල්ලමින් ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් පොළොන්නරුව ඩිපෝවේ සේවකයෝ බස් රථ ධාවනයෙන් ඉවත් වී අද (16) වර්ජනයක නිරත වූහ.
ශ්‍රී ලංකා නිදහස් ප්‍රවාහන සේවක සමිතියේ පොළොන්නරුව ශාඛාවේ සභාපති එම්. එම්. සනත් බණ්ඩාර මෙසේ කීය.
“වසර කිහිපයක සිට අපි සේවකයන්ගේ වැටුප් වැඩි කරන බව පැවැසුවත් මෙතෙක් එම වැඩිකළ වැටුප ලබා නොදීම නිසා අපි මෙම වර්ජනය ක්‍රියාත්මක කළා. පොළොන්නරුව ඩිපෝවට අයත් බස් රථ 100ක් පමණ අද(16) දුර සහ කෙටි ධාවනයෙන් ඉවත්ව සිටිනවා.
වැඩි කළ වැටුප් අපට දෙනතුරු මෙම වර්ජනය ක්‍රියාත්මක කරනවා. වර්ජනය හෙතුවෙන් මහජනතාව පත්වන අපහසුතාවය ගැනත් අපි කනගාටුව ප්‍රකාශ කරනවා.
බලධාරීන් අපිට විසඳුමක් දුන්නොත් දැන් අපි මෙම වර්ජනයෙන් ඉවත් වෙනවා. විසඳුමක් දෙන තුරු මෙම වර්ජනය ක්‍රියාත්මක කරනවා. රට පුරා සිටින වෘත්තිය සමිති ද වර්ජනයට හෙට දිනයේ සිට එක්වීමට කටයතු කරාවි” යැයි කීය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
පොළොන්නරුවේ ලංගමය වර්ජනයක
lalithm Monday, 16 September 2019 08:29 AM
තියෙන ටික රැකගන්න .