IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


පොළොන්නරුව මහ රෝහලට විශේෂඥ අධිකරණ වෛද්‍යවරයෙක් නෑ

ක.ග කරුණාරත්න


පොළොන්නරුව මහ රෝහලේ සේවය සඳහා දැන්ට විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයකු නොමැති කම නිසා දැඩි දුෂ්කරතාවකට මුහුණ පෑමට සිදුව තිබෙන බව මහජනතාව කියති.
 
ඒ හේතුවෙන් විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයෙකුගේ සේවය ලබා ගැනීම සඳහා මඩකලපුව මහ  රෝහලට යාමට මහජනයාට සිදුවී තිබේ.
 
අධිකරණ නියෝග මත සැකකටයුතු මරණයක් සම්බන්ධයෙන් විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයෙකු ලවා පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකිරීම සඳහා මරණකරුගේ බාරකරුවන් විසින් ඒ මෘත දේහය සිද්ධිය වූ ස්ථානයේ සිට මඩකලපුව මහ රෝහල කරා පෞද්ගලික වියදමින් රැගෙන යා යුතු බව කියති.
 
ඒ සඳහා පෞද්ගලික මල් ශාලාවකින් අවමංගල රථයක් කුලියට ලබා ගැනීමට සිදුවන අතර දුර ප්‍රමාණය අනුව ඊට අයකරන මුදල වෙනස් වේ.
 
පොලොන්නරුව රෝහලේ සිට මඩකලපුව මහ රෝහල දක්වා දුර ප්‍රමාණය කිලෝ මීටර් 100 ක් පමණ ය. උදාහරණයක් ලෙස පොළොන්නරුව නගරයේ හෝ ඒ ආසන්නයේ සිට මඩකලපුව මහ රෝහල තෙක් අවමංගල රථයකින් මෘතදේහයක් රැගෙන ගොස් එහිදී පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු නිමවීමෙන් පසු නැවත ආපසු රැගෙන ඒම සඳහා රුපියල් 50,000 කට ආසන්න මුදලක් බාරකරුවන්ට, ඥාතීන්ට දැරීමට සිදුවන බවද පෙන්වා දෙති.
 
මැදිරිගිරිය, හිඟුරක්ගොඩ, මින්නේරිය, ඇලහැර, බකමූණ වැනි දුර බැහැර ප්‍රදේශයක සිට මඩකලපුව රෝහල දක්වා යාමට සහ ආපසු ඒමට ඊටත් වඩා විශාල ලෙස වැඩිපුර මුදලක් ගෙවීමට සිදුවන බවද අනාවරණය විය.
 
මේ අතර ලිංගික අපයෝජන, ස්ත්‍රී දූෂණ ආදිය සම්බන්ධයෙන්ද විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයෙකුගේ පරීක්ෂාවට ලක් කිරීම අනිවාර්ය කටයුත්තක් හෙයින් එවැනි රාජකාරිමය අවස්ථාවලදීද බාරකරුවන්ට මෙවැනිම දුෂ්කරතාවට මුහුණ පෑම සිදුව තිබෙන බව පෙන්වා දෙති.

පොළොන්නරුව මහ රෝහලේ සේවය සඳහා විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයෙකු නොමැතිකම හේතුවෙන් මහජනතාව අත් විඳින දුෂ්කරතා මග හැරවීමට පියවර ගන්නා ලෙස මහජනතාව සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

 

 

 

 



අදහස් (0)

පොළොන්නරුව මහ රෝහලට විශේෂඥ අධිකරණ වෛද්‍යවරයෙක් නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32107 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14580 10



මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 46 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 314 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1257 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site