(ක.ග කරුණාරත්න)
මේ දිනවල පවතින වියලි කාලගුණය හේතුවෙන් පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස 03 ක වෙසෙන පවුල් 3523 කට අයත් පුද්ගලයින් 11225 ක් පානීය ජල හිඟයකට මුහුණපා ඇතැයි දිස්ත‍්‍රික් ආපදා කළමනාකරණ ඒකකය කියයි.
වැලිකන්ද සහ දිඹුලාගල යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල රජයේ පාසල් 08 කට අයත් සිසු දරුදැරියන් 2538 කටද පානීය ජල හිඟය බලපා තිබේ.
මහජනතාව වැඩිම පිරිසක් පීඩාවට පත්ව ඇත්තේ වැලිකන්ද ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේය.එ හි ග‍්‍රාම නිලධාරී වසම් 08 ක පවුල් 2374 ක පුද්ගලයින් ගණන 7791 කි.ඊට අමතරව වැලිකන්දේ පාසල් 04 ක ඉගෙනුම ලබන ළමුන් 928 කටද පානීය ජල හිඟය බලපා ඇතැයි දිස්ත‍්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්‍ෂ උපුල් නානායක්කාර මහතා ප‍්‍රකාශ කළේය.
දිඹුලාගල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග‍්‍රාම නිලධාරී වසම් 08ක පීඩාවට පත් පවුල් ගණන 1049 ක් වන අතර එහි සාමාජික සංඛ්‍යාව 3009 කි. දිඹුලාගල පාසැල් 4කටද පානීය ජල ගැටළුව බලපා තිබෙන අතර එහි ඉගෙනුම ලබන ළමුන් ගණන 1510කි.
ලංකාපුර ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේද එක් ග‍්‍රාම නිලධාරී වසමක පවුල් 100කට අයත් පුද්ගලයෝ 425ක්ද පානීය ජල හිඟයෙන් පීඩා විඳින බව දිස්ත‍්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්‍ෂවරයා කීය.
පොළොන්නරුව දිස්ත‍්‍රික් ලේකම් පණ්ඩුක අබේවර්ධන මහතාගේ උපදෙස් පරිදි පානීය ජල හිඟය බලපා තිබෙන ගම්මානවල ජනතාවට බීමට අවශ්‍ය ජලය බවුසර් මගින් සපයා දීමට අදාල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් පියවර ගෙන තිබෙන බව නානායක්කාර මහතා කීය.



2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
811
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
593
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පොළොන්නරුවේ පවුල් 3523 කට පානීය ජල හිඟයෙන් පීඩා