(ඩබ්. ඒ. පියතිලක)
ජලය හිඟකමින් පොළොන්නරුවේ කිසිඳු කුඹුරක් විනාශ වී නොමැති බවත්, යල කන්නය සඳහා අවශ්‍ය තරම් ජලය ඇති බවත් පොළොන්නරුව කලාප වාරි මාර්ග අධ්‍යක්ෂක එස්. කේ. හේවගේ මහතා පවසයි.
මොරගහකන්ද ජල යෝජනා ක්‍රමය නිසා මෙවර පොළොන්නරුවේ වගා කර ඇති කුඹුරු අක්කර අසුපන්දාහ සඳහා කිසිදු ජල හිඟයකින් තොරව අවශ්‍ය තරම් ජලය ඇති බව ඒ මහතා කියයි.
වාරිමාර්ග අධ්‍යක්ෂකවරයා මෙසේ ද කියාසිටියි.
‘පොළොන්නරුවේ වගා කර ඇති මුළු ගොවිබිම් ප්‍රමාණය වන අක්කර 85,000 සදහා කිසිඳු ජල හිඟයක් නැහැ. වගා බිම් කිසිවක් ජලය නොමැතිව විනාශ වී නැහැ. බොහෝ දෙනා තමන්ගේ කුඹුරු මැරුණා කියලා කීවාට ඒ මැරිලා තියෙන්නේ පහත් වතුරෙන් වැඩ කරන කුඹුරු. ඒවාට කියන්නේ අගාවත් කියලා.
මීට පෙර කන්න කිපයක්ම යල කන්නයේ පොළොන්නරුවේ ගොවීන් වගා කළේ බෙත් ක්‍රමයට. නමුත් ජනාධිපතිතුමාගේ මොරගහකන්ද ජල යෝජනා ක්‍රමය නිසා කිසිදු බාධාවකින් තොරව වගා කටයුතු කරනවා.
ජලය සම්බන්ධයෙන් කුඩා ගැටලුවකට පත්ව සිටින්නේ කවුඩුල්ල වැව මුල් කරගෙන වගා කරන ගොවීන්. නමුත් කිසිදු ගොවියෙකු ඒ පිළිබඳ අනියත බියක් ඇති කර ගත යුතු නැහැ. මොකද මොරගහකන්ද ජලාශයෙන් අක්කර අඩි එක්ලක්ෂ දහදාහක ජලය ප්‍රමාණයක් අපට ගැනීමට තිබෙනවා. ඒ අනුව ඇළහැර ව්‍යාපාරයට අක්කර අඩි 40,000ක් ද ගිරිතලේ වැවට අක්කර අඩි 12,000ක් ද ලබා දී මින්නේරිය වැවට ඉතිරිය ලබා දී, එයින් අක්කර අඩි 4000ක් කවුඩුල්ල වැවට ලබා දීමට කටයුතු කරනවා. මේ වනවිට අපි මොරගහකන්දේ සිට ජලය ලබා ගනිමින් සිටන්නේ.
මේ වන විට පරාක්‍රම සමුද්‍රයේ අක්කර අඩි 57,000ක් ද මින්නේරිය වැවේ අක්කර අඩි 57,000ක් ද ගිරිතලේ අක්කර අඩි 8200ක් සහ කවුඩුල්ල වැවේ අක්කර අඩි 25,000ක් තියෙනවා. මදි අඩුපාඩු සඳහා අපි වැව්වලට ජලය ලබා ගනිමින් සිටින්නේ. වගාවයි දේශපාලනයයි පටලවා ගන්නේ නැතුව ගොවියෙකුට හෝ ගොවි සංවිධානයකට ගැටලුවක් ඇත්නම් ඒ ඒ ප්‍රදේශය භාර වාරි මාර්ග ඉංජිනේරුවරයා හෝ මාව හමු වෙන ලෙස ඉල්ලා සිටිනවා ” යැයිද ඒ මහතා පවසයි.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
811
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
593
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පොළොන්නරුවේ ගොවීන්ට වගාවට ඇති තරම් වතුර තියෙනවා‘