(ඩබ්. ඒ. පියතිලක)
ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් රුපියල් ලක්ෂ 1370ක මුදලක් වැයකරමින් ඉදිකරන ලද, පොළොන්නරුවේ නව ගම්මාන 8ක නිවාස 273ක් ජනතා අයිතියට පත් කිරීම අද(06) සිදුකෙරිණි.
නිවාස සංවර්ධන අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේ කොට්ඨාස සංවර්ධන නිලධාරි හේමන්ත තෙන්නකොන් සහ පොළොන්නරු දිස්ත්‍රික් කළමනාකරු පද්මසිරි රණසිංහ යන නිලධාරින්ගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්විණි.
පොළොන්නරුවේ මැදිරිගිරිය, ලංකාපුර, හිඟුරක්ගොඩ, දිඹුලාගල, සහ වැලිකන්ද නගරවල නිවාස අහිමිව සිටි පවුල් 273කට, ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් ණය ආධාර ලබාදී ඔවුන්ගේ අධීක්ෂණය යටතේ මෙම නිවාස නිම කරන ලදී.
එම ගම්මාන අතර මුල්ම ගම්මානය හිඟුරක්ගොඩ ශ්‍රී බුද්ධසෝම නාහිමි ගම්මානය ජනතා අයිතියට පත් කළ අවස්ථාව සඳහා හිගුරක්ගොඩ බෞද්ධ මධ්‍යස්ථානාධිපති සිරිකෙත ශ්‍රී සීවලී නාහිමි, අධිකාරියේ කොට්ඨාස සංවර්ධන නිලධාරී හේමන්ත තෙන්නකොන් මහතා සහ පොළොන්නරු දිස්ත්‍රික් කළමනාකරු පද්මසිරි රණසිංහ මහතා ඇතුළු ගම්වාසීහු පිරිසක් එක්ව සිටියහ.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
පොළොන්නරුවේ ගම්මාන 8කට ජාතික නිවාස අධිකාරියෙන් නිවාස