(ඩබ්. ඒ. පියතිලක)
පොළොන්නරුව මාඔය ගම්මානයේ මත්ද්‍රව්‍ය අලෙවි කරන්නන්ට විරෝධය දක්වමින් ඔවුන්ට නීතිය ක්‍රියාත්මක කරන්නැයි පොලිසියට පවසමින් අද(08) කාන්තාවෝ පිරිසක් උද්ඝෝෂණයක නිරතවූහ.
තම ස්වාමියන් සහ දරුවන් බේරා ගැනීමට නම් වහාම මත්ද්‍රව්‍ය අලෙකරුවන් අත්අඩංගුවට ගත යුතු බව කී ඔවුහු ගන්නා පා ගමනින් ගොස් පොළොන්නරුව-මින්නේරිය ප්‍රධාන මාර්ගයට පැමිණ විරෝධය පළකළහ.
බැදිවැව මාඔය ගම්මානයේ පදිංචි අනෝමා කුමාරි සෙනේවිරත්න මහත්මිය මෙසේ පැවසුවාය.
“මාඔය ගමේ ළමයි ඉස්කෝලේ යන්නෙ නැතුව කසිප්පු පෙරනවා, කුඩු, ගංජා, මත්පෙති විකුණනවා. මේ ගැන පොලිසියට කිව්වාට වැඩක් නැහැ. ඒ කියන අයගේ නම් එක්ක සියලු විස්තර අර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට පොලිසිය කියනවා. ඊට පස්සේ උන් ඒ මිනිසුන්ව මරන්න එනවා. මේ ගමේ සියලුම කාන්තාවෝ ගඩොල් කපලා තමයි කියක් හරි හොයා ගන්නේ. පොලිසිය ඒ ජාවාරම්කරුවන්ට උදව් කරනවා. මේ උවදුරින් ගම බේරාදෙන්න කියලා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා” යැයිද පැවසූවාය.
පොලොන්නරුවේ මත් උවදුර වැඩිපුරම ඇති ප්‍රදේශයක් ලෙස බැදිවැවට හිමි වන්නේ පළමු ස්ථානයයි.
මෙම අවස්ථාවට පොලිස් නිලධාරීන් ද පැමිණ ආරක්ෂාව තර කර තිබිණි.
පැය දෙකක් පමණ විරෝධය පැවැත්වූ ඔවුහු පසුව විසිර ගියහ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
පොළොන්නරුවේ කාන්තාවෝ වීදි බසිති