IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


පොහොට්ටුව කෑගල්ලෙන් නාම යෝජනා බාර දෙයි

(රොහාන් කුමාර දිසානායක)

2020 මහ මැතිවරණය සඳහා කැගල්ල දිස්ත්‍රික්කය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නාමයෝජනා අද (17) බාරදුන්නේය.

කෑගල්ල දිස්ත්‍රික්කයේ කණ්ඩායම් නායක කනක හේරත් මහතාගේ නායකත්වයෙන් කෑගල්ල තේරීම්භාර නිලධාරි මහින්ද එස්. වීරසූරිය මහතා වෙත භාරදීම සිදුවිය.

නාමයෝජනා භාරදීමෙන් පසු හිටපු රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා ගලිගමුව ප්‍රාදේශීය සභාවේ සභාපති සමන් ජයසිංහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වයි. ජී. පද්මසිරි මහත්වරුන් පිටව ගිය අයුරු.


පුත්තලම පොහොට්ටුවෙන් නාම යෝජනා බාර දෙයි

(හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ එච් චන්දන)

මහමැතිවරණය (2020) සඳහා පුත්තලම දිස්ත්‍රික්කයට තරග වදින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කණ්ඩායම නාම යෝජනා බාරදීම අද (17) සිදුකෙරිණි.

ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණ පක්ෂයේ පුත්තලම දිස්ත්‍රික් කණ්ඩායම් නායක හිටපු ධීවර රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත පෙරේරා මහතා දිස්ත්‍රික් ලේකම් හා තේරීම් බාර නිලධාරී චන්ද්‍රසිරි බණ්ඩාර මහතා ඉදිරියේ නාම යෝජනා බාරදීම සිදුවිය.

හිටපු දේශීය සෞඛ්‍ය රාජ්‍ය ඇමැති ප්‍රියංකර ජයරත්න මහතා ද එම අවස්ථාවට එක්ව සිටියේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු දේශපාලන කණ්ඩායම් කීපයකින් සැදුම්ලත් පොදුජන පෙරමුණ කණ්ඩායමට 11 දෙනෙකු පුත්තලම දිස්ත්‍රික්කයෙන් තරග වදිනු ලැබේ.

මෙවර මැතිවරණය සඳහා පුත්තලමෙන් කිසිදු කාන්තා නියෝජනයක් අයත් නොවීම විශේෂත්වයකි.

එසේම සුළු ජාතීන් වෙනුවෙන් මුස්ලිම් අපෙක්ෂකයකු පොදුජන පෙරමුණ කණ්ඩායමට එක්කර තිබේ. 

ඡායාරූප - එච් චන්දන

ඡායාරූප - හිරාන් ප්‍රියංකර ජයසිංහ



අදහස් (1)

පොහොට්ටුව කෑගල්ලෙන් නාම යෝජනා බාර දෙයි

P.s.s.fernando Tuesday, 17 March 2020 07:15 AM

ඔක්කොම පැරදුන අය ජනධිපතිතුමෙනි කාටද ඡන්දෙ දෙන්නේ ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 832 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2475 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1779 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site