(ක.ග.කරුණාරත්න)
මැදිරිගිරිය කවුඩුල්ල ජලාශය වසර 5කට පසුව මෙවර මහවැසි සමඟ වාන් දැමීමට පටන්ගෙන ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
එහි ජලය අද(22) දහවල් වනවිට පිටාර මට්මට ඉහළ යාම නිසා එහි වාන්දොරටු 12න් 2ක් අඟල් 6 බැගින් විවෘත කිරීමට පියවර ගත් බව වාරිමාර්ග නිලධාරීහු කීහ.
එමගින් පිටතට මුදාහැරෙන ජලය ප‍්‍රමාණය තත්පරයකට ඝන අඩි 300ක් පමණ බව පොලොන්නරුව කලාප වාරිමාර්ග අධ්‍යක්‍ෂ එස්.කේ හේවාගම මහතා ප‍්‍රකාශ කළේය.
වැසි තත්වය තවදුරටත් වර්ධනය වී වැවට වැඩි ප‍්‍රමාණයක් ජලය ගලා ඒම සිදුවුවහොත් වාන් දොරටු වැඩි ප‍්‍රමාණයක් විවෘත කිරීමට ඉදිරියේදී සිදුවනු ඇතැයිද ඒ මහතා කීය.
කවුඩුල්ල ජලාශයේ ජලධාරිතාව අක්කර අඩි 104,000කි.
ඡායාරූප - චාපා මධුභාෂිණී
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
පස් වසරකට පසු කවුඩුල්ල වාන් දමයි