(සමන් විජය බණ්ඩාර සහ රොහාන් සී ප්‍රේමතිලක)
හෙම්මාතගම ගම්පොල මාර්ගයේ බලත්ගමුව කෙහෙල්පන්නල හන්දිය අසල ප‍්‍රධාන මාර්ගයට පස් කණ්ඩියක් කඩා වැටීමෙන් මාර්ගයේ එක් මං තීරුවකින් පමණක් වාහාන ගමනාගමනය සිදු කෙරෙන බව පොලීසිය පවසයි.
පස් කණ්ඩිය කඩා වැටිමෙන් කිසිවෙකුටත් හානි සිදු වි නොමැති බව හෙම්මාතගම පොලිසිය පවසයි.
මාර්ගයේ එම ස්ථානයේ පස් කන්ද ඉවත් කර මාර්ගය පිළිසකර කිරිමේ කටයුතු වෙනුවෙන් බැකෝ යන්ත‍්‍රයක් යොදවා ඇති අතර අදාල ස්ථානයේ ඇති අධි වොල්ට්තාවයක් ඇති විදුලි කම්බි කිහිපයක්ද අවදානම් සහගත ලෙස පැවතිම නිසා මෙ හෙම්මාතගම විදුලි බල මණ්ඩලයටද දැනුම් දි අදාල ස්ථානය පරික්ෂා කොට මහජනතාවට පිඩාවක් නොවෙන ලෙස එම විදුලි රැහැන් සකස් කිරිමටද උපදෙස් දුන් බව පොලිසිය සඳහන් කරයා.
මෙම මාර්ගය තවමත් සංවර්ධන කටයුතු හෙම්මාතගම සිට ගම්පොල දක්වා සිදු වෙමින් පවතින හෙයින් මෙවැනි අවදානම් සහිත ස්ථාන වල ආරක්ෂාවට ආරක්ෂිත ක‍්‍රම වේදයක් සකස් කර දෙන මෙන් ප‍්‍රාදේශවාසින් වගකිව යුතු අංශ වලින් ඉල්ලා සිටි.
(ඡයාරූප - සමන් විජය බණ්ඩාර)
(ඡායාරූප- රොහාන් සී ප්‍රේමතිලක)
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
පස් කණ්ඩියක් වැටී හෙම්මාතගම-ගම්පොල මාර්ගය අවහිරවෙයි