IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


‘පැසිෆික් ඒන්ජල් 2018’ මානුෂීය වැඩසටහන අනුරාධපුරයේදී ඇරඹෙයි

ශ්‍රී ලංකාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය බහුජාතික හවුල්කරුවන් හා එක්ව පවත්වන පැසිෆික් ඒන්ජල්මානුෂීය වැඩසටහන් පෙළ ඉකුත් දා (6) අනුරාධපුරයේදී ආරම්භ කෙරුණි. 

‘පැසිෆික් ඒන්ජල් 2018’ හෙවත්  ‘ශාන්තිකර දෙවඟන’ යනු වාර්ෂිකව සිදු කෙරෙන ඒකාබද්ධ මානුෂීය සහ ආපදා සහන සේවා සපයන වැඩසටහනකි. එහිදි සාමාන්‍ය සෞඛ්‍යය, දන්ත, අක්ෂි, ළමා රෝග සහ ඉංජිනේරු වැඩසටහන් මෙන්ම විවිධ විෂය ක්ෂේත්‍රවල විශේෂඥතා දැනුම ද ඊට සහභාගී වන දෙරටේ පාර්ශව අතර හුවමාරු කරගැනේ. 

අනුරාධපුරයෙන් ආරම්භ වූ මෙම වැඩසටහන් පෙළ කොළඹ, අනුරාධපුර සහ වව්නියාව යන නගර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන අතර මේ මස 20 වැනි දිනෙන් අවසන් වීමට නියමිතය.

ඇමෙරිකා එක්සත් ජනපද යුද හමුදා සාමාජිකයන් 65 දෙනකු, මෙරට ත්‍රිවිධ හමුදා සාමාජිකයන් හා මෙරට ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයෝ මෙම වැඩසටහනට එක්ව සිටිති. එහිදි පුහුණ වැඩසටහන් ද පැවැත්වේ. 

මෙම වැඩසටහන යටතේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ඇමෙරිකා එක්සත් ජනපද යුද හමුදාව හා එක්ව අනුරාධපුර ප්‍රදේශයේ පාසල් අලුත්වැඩියා කිරීම ආදී ප්‍රතිසංස්කරණ කටයුතු රැසක් ද ක්‍රියාත්මක කිරීමට නියමිතය. 

මෙම වැඩසටහනට බංග්ලාදේශ, නේපාල සහ මාලදිවයින යන රටවල සෞඛ්‍ය සේවා සපයන්නෝද එක්ව සිටිති.

වසර 2007 සිට මෙම ‘පැසිෆික් ඒන්ජල් 2018’ වැඩසටහන් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වේ.

055 

 



අදහස් (0)

‘පැසිෆික් ඒන්ජල් 2018’ මානුෂීය වැඩසටහන අනුරාධපුරයේදී ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 433 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 239 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1030 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site