IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


පස්සර - මඩොල්සිම මාර්ගය අවහිරකරමින් ජනතා විරෝධතාවක්

(පාලිත ආරියවංශ)
 
පස්සර - මඩොල්සිම මාර්ගය මාළිගාතැන්නෙහිදී අවහිර කරමින් අද(17) උදෑසන ගම්මාන සහ තේ වතු කීපයක ජනතාව හා පාසැල් සිසුහු විරෝධතාවයකට සහභාගීවී සිටියහ.
 
පස්සර සිට මැටිගහතැන්න දක්වා ධාවනය වූ බස්රථයක්  නතර කර එය නොබෝදා   අනතුරට පත්වූ  ඇකිරිය බස්රථය වෙනුවෙන් යෙදවීමට  ලංගම බදුල්ල ඩිපෝව පියවර ගැනීමට ඔවුහු විරෝධය පළකළහ. 
 
ඇකිරිය පෙදෙසට බස් රථ යෙදවීම අනිවාර්යෙන්ම කළ යුතු වුවත්, මාළිගාතැන්න දක්වා ධාවනය වූ බස් රථය ඉවත් කර එය ඇකිරියට යෙදවීම අසාධාරණ බව ප්‍රදේශවාසීහු පැවසූහ.
 
මේ තත්වය නිසා මාළිගාතැන්න ඇතුලු ගම්මාන රැසක ජනතාව හා වතුකරයේ ජනතාව දැඩි ගමනා ගමන දුෂ්කරතාවයකට පත්වන බවත් උද්ඝෝෂකයෝ පැවසූහ.
 
විරෝධතාව හේතුවෙන් මාර්ගය අවහිර වීම නිසා වාහන ගමනාගමනය ඇනහිටියේය.

(ඡායාරූපය - ප්‍රසන්න පද්මසිරි)

 ඡායාරූප - සමන් පාලිත නානායක්කාර

 



අදහස් (0)

පස්සර - මඩොල්සිම මාර්ගය අවහිරකරමින් ජනතා විරෝධතාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 26 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 874 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2507 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site