IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


පාසල් සිසුන් සඳහා වසර 13 ක අනිවාර්ය අධ්‍යාපනය ලබන වසරේ සිට

(නිමල කොඩිතුවක්කු)


සියලූම පාසල් සිසුන් සදහා වසර 13ක අනිවාර්ය අධ්‍යාපනය ලබාදීමේ වැඩසටහන ලබන වසරේ සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ලංකාදීපයට පැවසීය.


මේ අනුව දරුවන් සාමාන්‍ය පෙළ  විභාගය අසමත් වුවද තොරතුරු තාක්ෂණය, කෘෂි විද්‍යාව,  ඇලූමිනියම් තාක්ෂණය, කලා, ක‍්‍රීඩා ඇතුලූ වෘත්තිය විෂයන් 26කින් කැමති විෂයක් ඔස්සේ තම ඉදිරි අධ්‍යාපන කටයුතු සිදුකිරිමේ හැකියාව ලැබෙන බවද අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේය.


ඒ සදහා අවශ්‍ය ගුරුවරුන් බඳවා ගෙන ඇති බවත් ඔවුන්ට අවශ්‍ය පුහුණුවීම් මේ දිනවල සිදුකරගෙවන යන බවත් ඔහු කියා සිටියේය.


අවුරුදු 13ක  අඛණ්ඩ අධ්‍යාපන වැඩපිළිවෙළ  නියාමක වැඩසටහන් මේ වනවිටත් ආරම්භ කර ඇති බවත් ඒ අන්ව  පසුගිය වසරේදි පාසල් 42කත් මේ වසරේදි පාසල්  153කත් මෙම නියාමක  වැඩසටහන ක‍්‍රියාත්මක කර ඇති බවත් හෙතෙම පෙන්වා දුන්නේය. 


මේ මගින්  රැකියා වෙළඳපොළට ගැලපෙන, විශේෂිත වූ  දක්ෂතා තියෙන අයට ඉදිරියට යාමේ අවස්තාව හිමිවන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.



අදහස් (2)

පාසල් සිසුන් සඳහා වසර 13 ක අනිවාර්ය අධ්‍යාපනය ලබන වසරේ සිට

k.m.keerthi wijaya bandaara Monday, 23 July 2018 04:19 PM

සමහර ගුරුවරු ළමයින්ගෙන් වැරදී දේවල් කරවීමට ඇති ඉඩකඩ වැඩිය. ඉතාමත් සංවේදී සහ ඉක්මන් තීරණ ගන්න මේ වයසේ දරුවන් රටට වැඩදායක ලෙස සැදීමේදී වෘත්තීය දැනුම මෙන්ම අපගේ රටේ සංස්කෘතියටද හානියක් නොකර රක ගත යුතුය යන හැඟීමද ලැබෙන පරිදි මෙම පාඨමාලා සකස් විය යුතුය. මේ වයසෙදී නොමග ගිය හිත් නැවත නියම මාවතට ගැනිමට නොහැකිවේ. මෙම වැඩපිළිවෙල ඉතාමත් අලුත් නිසා මෙය මුල ඉදන්ම යම් කිසි නීතිමය රාමුවක් තුල දිවිය යුතුය. මේ පිළිබද පසුගිය වසරවල ඇති අත්දැකීම් විශ්ලේෂණය කලයුතු අතර ගිය වසරවල දරුවන්ගේ ප්‍රගතියද මැන කිරා බැලිය යුතුය. එසේ නොවුනහොත් තවත් අවුරු කිපයක් දෙමව්පියන්ගේ සල්ලි විනාශ කරමින් රස්තියාදු ගහන කණ්ඩායමක් බිහිවීමට ඇති ඉඩකඩ වැඩිවේ. මේ පිළිබද විද්වතුන් මෙන්ම සාමානය විදිහට හිතන පිරිසක්ද සමග කතිකාවත් කිරීම ඉතා වැදගත් වේ. පාසලෙන් ඉවත්ව බහුතරයක් ව්‍යවසායකයන් බවට පත්කිරීම සදහා වැඩපිළිවෙල අඛණ්ඩව වසර 20ක් ක්‍රියාත්මක කළහොත් ආකල්පමය වශයෙන් වෙනසක් ඇති කිරිමට ද හැකිවේ.

:       0       1

chithrasena Monday, 23 July 2018 04:28 PM

වසර ගණන බටහිර රටවල මෙන් අඩු කල යුතුය. එක්සත් රාජධානියේ විභාග වලට පෙනී සිටින ළමුන් අඩු වයසින් උපාධි ලබාගන්න නිසා ලංකාවේ විභාග වලට පෙනීසිටින විට රැකියා වලට ඉදිරිපත් වීමේදී අවාසි ඇතිවේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site