(වසන්ත චන්ද්‍රපාල)
අම්පාර දිස්ත්‍රික්කයේ මහානාගපුර තක්ෂිලා විදුහලට ගොඩනැගිල්ලක් නොමැති බැවින් සිසුහු 100 ක් පමණ ගස් යට අකුරු කරමින් සිටිති.
පසුගිය රජය මගින් ආරම්භ කරන ලද පාසැල් 1000 ව්‍යාපෘතිය යටතට අම්පාර මහානාගපුර මහා විදුහලද ඇතුළත් කර තිබූ අතර ඒ අනුව එම විදුහලේ බලාංශ පන්ති ඉවත් කිරීමට කටයුතු කෙරිණි. පසුව මව්පියවරු එක්ව අධ්‍යපාන බලධාරින්ගේ සහය ඇතිව එම විදුහල ආසන්නයේ තාක්ෂිලා ප්‍රාථමික විදුහල නමින් ප්‍රාථමික විදුහලක් ආරම්භ කළහ.
මුල් අවධියේ මෙම ප්‍රාථමික අංශය, මහානාගපුර මහා විදුහලේ ගොඩනැගිල්ලක පැවැත්විණි. එම විදුහලට පන්ති කාමරවලට මෙම ගොඩනැගිල්ල අවශ්‍ය වීම හේතුවෙන් පන්ති කාමර තුනක් ඉන් ඉවත් කර ගස් යට පැවත්වීමට ගුරුවරුන්ට සිදුවිය.
තක්ෂිලා විදුහල සඳහා පන්ති කාමර හතරක ගොඩනැගිල්ලක් ඉදිකිරීම 2017 වසරේ ආරම්භ කළද එය තවම අවසන් කිරීමට නොහැකි වූ බව මව්පියවරු පැවසූහ.
දැනට පවතින දැඩි නියං තත්වය සමඟ මෙම ස්ථානයේ උගැන්වීමට ගුරුවරුන්ට අපහසු වී තිබේ. ගස්වල සිටින දිමියන්, දළඹුවන් ළමුන්ගේ ශරීරවලට වැටෙන අතර දරුවන් රැකගැනීම සඳහා දෙමව්පියන්ට පාසැලේ රැඳී සිටීමටද සිදුව තිබේ. මේ හේතුවෙන් දරුවන්ට නිසි අයුරින් අධ්‍යාපන කටයුතු කරගෙන යාමට නොහැකි වී ඇතැයි ඔවුහු කීහ.
අලුතින් ඉදිකරන ලද ගොඩනැගිල්ල කොන්ත්‍රාත්කරුට නිසි වේලාවට ඉදිකිරීමට නොහැකි වූ හෙයින් මේ තත්වය උදාවී ඇති බවද, මේ වෙනවිට ගොඩනැගිල්ලේ වැඩ අවසන් වෙමින් පවතින බවද, මීළග පාසැල් වාරයේදී දරුවන්ට නව ගොඩනැගිල්ලේ අධ්‍යයන කටයුතු කිරීමට හැකි බවද නව ගොඩනැගිල්ලට පාසැල රැගෙන ගියත් තවත් එක් පන්ති කාමරයක් අඩු අතර ඒ සඳහා තාවාකාලික ගොඩනැගිල්ලක් ඉදිකිරීමට කටයුතු කරන බවද මේ පිළිබඳව අදහස් දක්වමින් අම්පාර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක විමලසේන මද්දුම ආරච්චි මහතා පැවසීය.



2025 දෙසැම්බර් මස 16
42
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
838
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
606
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පාසල් ගොඩනැගිල්ලක් නැතිකමින් ගස් යට අකුරු කරන දරුවෝ
sugath premalal Thursday, 18 July 2019 07:43 AM
හරිම ශෝර්චනියි. කොළොඹ පාසල් වලට ටැබ් දෙන්න යෝජනා ස්තිර කරගන්නවා... සමහර දුෂ්කර පළාත් වල අහිංසක ළමයි අව්වෙ වේලි වේලි අකුරු කරනවා..... වගකිව යුත්තෝ කවදද මේවට පිලියමක් කරන්නේ....