IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පසුපෙළ මන්ත්‍රීන්ගෙන් අගමැතිට තුති

(අංජුල මහීක වීරරත්න)
 
ඒකාබද්ද විපක්ෂය   කොළඹදී පැවැත්වූ උද්ඝෝෂණයේදී විරෝධතාකරුවන්ට කිසිදු හානියක් නොවන ලෙස ආරක්ෂක අංශ මෙහෙයවීම ගැන පසුපෙළ මන්ත්‍රීවරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී විශේෂ ස්තූතියක් පළ කළහ.
 
එක්සත් ජාතික පෙරමුණු පසුපෙළ මන්ත්‍රීවරු ඉහත විශේෂ ස්තූතිය පළ කළේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති එක්සත් ජාතික පක්ෂ 72 වැනි සංවත්සරයෙන් පසුව අගමැතිවරයා හමුවීමෙන් අනතුරුවය.
 
කොළඹට ජනතාව කැඳවා ප්‍රකෝපකාරී සිදුවීම් ඇතිකොට ආරක්ෂක අංශ වෙතින් ප්‍රහාරයක් එල්ල කර ගැනීමට උත්සාහයක් තිබුණැයි එහිදී සඳහන් කළ පසුපෙළ මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පොලිස්පති ඇතුළු ආරක්ෂක අංශ නියමාකාරයෙන් හැසිරවීමට අගමැතිවරයා දුන් උපදෙස් අතිශයින් වැදගත් වුනැයිද කියා සිටියේ ය.
 
පරිනත දේශපාලඥයෙකුගේ ලක්ෂණ යළිත් පෙන්නුම් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඒ අවස්ථාවේ ක්‍රියා කළ ආකාරය තමන්ට ද ආදර්ෂයක් යැයි චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා එහිදී කීවේය. විශේෂයෙන්ම ජනාධිපති නිල නිවස හා කාර්යාල ආරක්ෂා කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගෙන තිබූ වැඩ පිළිවෙළ ද පසුපෙළ මන්ත්‍රීවරු  අගය කළහ.



අදහස් (0)

පසුපෙළ මන්ත්‍රීන්ගෙන් අගමැතිට තුති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 387 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 226 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site