ඔගස්ටින් ප්‍රනාන්දු
හලාවත මැරවල කණ්ඩිරිප්පුව ප්‍රදේශයේ පදුරක් යට සඟවා තිබිය දී පිස්තෝල දෙකක් සහ උණ්ඩ තොගයක් අද (4) ශ්‍රී ලංකා යුද හමුදා සාමාජිකයින් දෙදෙනෙකු විසින් සොයා ගෙන ඇති බව හලාවත පොලිසිය කියයි.
කණ්ඩිරිප්පුව සාන්ත අන්තෝනි ප්‍රතිමාව පිටුපස ඉඩමක පදුරක් යට සැකකටයුතු පාර්සලයක් ඇති බව දුටු ප්‍රදේශවාසියෙක් මේ බව ආරක්ෂක රාජකාරිවල සිටි යුද හමුදා සාමාජිකයින් දෙදෙනාට මේ බව දැන්වීමෙන් පසු හමුදා සාමාජිකයින් ගොස් එම පාර්සලය පරික්ෂා කළ විට එහි පිස්තෝල දෙකක් හා .8 වර්ගයේ ජීව උණ්ඩ හයක් සහ බෝර 12 ජීව උණ්ඩ 3ක් තිබී සොයා ගැණිනි.
පසුව මෙම උණ්ඩ හා පිස්තෝල දෙක හලාවත පොලිස් ස්ථානය වෙත ගෙන ගොස් බාරදී ඇති බවත් කිසිවකු විසින් මෙම පිස්තෝල හා උණ්ඩ පාර්සලය මෙම ස්ථානයෙහි සඟවා තබන්නට ඇති බව පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 16
13
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පිස්තෝල හා උණ්ඩ තොගයක් පදුරක් යටින් සොයා ගනී