
(විජේරත්න රත්නායක)
මැතිවරණ නීති රීතිවලට පටැහැනිව එක්සත් ජාතික පක්ෂ මැතිවරණ ප්‍රචාරක පෝස්ටර් 483 ක් කැබ් රථයකින් රැගෙන යමින් සිටි බව කියන පුද්ගලයන් සිව් දෙනෙකු අද (28) අත්අඩංගුවට ගත් බව ඇල්ල පොලිසිය පවසයි.
බදුල්ල, කෝට්ටගොඩ, ඉඹුල්ගොඩ හා බදුල්ල- ස්ප්‍රිංවැලි පාර යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.
සැකකරුවන් වයස අවුරුදු 20, 22, 50, 52 යන වයස්වල පසුවන්නෝ වෙති.
මොවුන් මෙවර මැතිවරණයේදී එජාපයෙන් බදුල්ල දිස්ත්‍රික්කයට තරග කරන අපේක්ෂකයකුගේ ආධාරකරුවන් බව පැවසේ.
සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති අතර ඇල්ල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරයි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.