(ඩී.ජී.සුගතපාල)
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන දින 90ක රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටි සැකකරුවෙකු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ අගෝස්තු 9දින දක්වා රිමාන්ඩ් බන්ධානාගාර ගත කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (26)නියෝග කළේය.
මෙසේ බන්ධනාගාරගත කරනු ලැබුවේ ගාල්ල කටුගොඩ මොහොමඩ් සනුෂ් මොහාමඩ් රම්සාන් නමැත්තෙකි.
සැකකරු සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උදය සෙනවිරත්න මහතා අධිකරණයට කරුණු දක්වමින් කියාසිටියේ සැකකරු අයි.එස්. සංවිධානයට හෝ ජාතික තව්හීත් ජමාත් සංවිධානයට සම්බන්ධ නැති බවට විමර්ශනවලදී අනාවරණය වූ බවය.
එහෙත් සැකකරු සන්තකයේ තිබී අත්අඩංගුවට ගන්නා ලද සංයුක්ත තැටි 1108ක්, ජංගම දුරකථනයක්, ලැප්ටොප් පරිගණකයක්, ඩොංගල් එකක් රජයේ රස පරීක්ෂක වෙතයවා ඇති අතර තවමත් ඒවායේ වාර්තා ලැබී නොමැති අතර නීතිපති උපදෙස්ද ලැබී නොමැත. එනිසා සැකකරු බන්ධනාගාර ගත කරන ලෙස පොලිස් පරීක්ෂකවරයා ඉල්ලා සිටියේය.
කරුණු සැළකිල්ලට ගත් මහෙස්ත්‍රාත්වරයා සැකකරු බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.
සැකකරු 1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධි විධාන පනත යටතේ මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා තිබිනි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
පාස්කු ප්‍රහාරයේ සැකකරුවෙක් රිමාන්ඩ්