IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියගේ රාජකාරියට බාධා කළ තිදෙනකු අත්අඩංගුවට

(එස්. ඩි.කොඩිකාර )

දෙනියාය ,යාපිටකන්ද පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියකගේ රාජකාරියට බීමතින් පැමිණ බාධා කළ පුද්ගලයන් තිදෙනෙකු අද (21) අත්අඩංගුවට ගත් බව දෙනියාය පොලිසිය කියයි .

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා යාපිටකන්ද ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 22- 30 අතර වයස්කාණ්ඩවල පුද්ගලයන් බව පොලිසිය කියයි .

අදාල පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීනිය කොටපොල සෞඛ්‍ය වෛද්‍ය  නිලධාරී කාර්යාලයට අනුයුක්තව සේවය කරන( 28)  හැවිරිදි අවිවාහක නිලධාරීණියක් බව පොලිසිය කියයි .

ඇය අදාළ සෞඛ්‍ය මධ්‍යස්ථානයට සිය රාජකාරි සඳහා පැමිණි අවස්ථාවේ සෞඛ්‍ය මධ්‍යස්ථානයේ බීමත්වව රැඳී සිටි බව කියන පුද්ගලයන් තිදෙනා සෞඛ්‍ය මධ්‍යස්ථානයට ඇතුළුවන ගේට්ටු කණුවකට මුත්‍රා කර අශෝභන ලෙස හැසිරුණු බව පොලිසිය කියයි .

පසුව අදාළ  පවුල් සෞඛ්‍යය  සේවා   නිලධාරීවරිය තමාට සිදු වූ සිදුවීම සම්බන්ධයෙන් අතිරේක  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී නිශාන්  විදානපතිරණ මහතා ට කළ දැනුම් දීමක් මත ඒ මහතා  පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට අද (21) ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් දෙනියාය පොලිසිය වැඩි දුර පරීක්ෂණ පවත්වයි .



අදහස් (0)

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියගේ රාජකාරියට බාධා කළ තිදෙනකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 803 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2452 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1768 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site