රොහාන් කුමාර
රඹුක්කන පොලිසිය අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවන් සිව් දෙනෙකු පොලිස් සිර මැදිරියෙන් පැන ගොස් ඇතැයි රඹුක්කන පොලිසිය කියයි.
මත්කුඩු භාවිතා කිරීම ළඟ, තබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවකුගෙන් ඊයේ (18) රාත්‍රී කටඋත්තර ගැනීම සඳහා සිරමැදිරිය ඇරීමේදී පොලිස් නිලධාරියාව තල්ලු කරමින් සිරමැදිරියේ රඳවා සිටි සැකකරුවන් සිව් දෙනා පලාගොස් ඇති බවද පොලිසිය පවසයි.
පොලිස් නිලධාරීන් රඹුක්කන නගරය හා ඒ අවට සැකකරුවන් සිව්දෙනා සොයාගැනීම සඳහා සෝදිසි මෙහෙයුමක් කළ ද ඔවුන් සොයා ගැනීමට නොහැකි විය.
අද (19) විශේෂ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ප්‍රදේශයේ හා අවට සෝදිසි මෙහෙයුම් සිදුකරමින් සිටියි.
සිද්ධිය සම්බන්ධයෙන් රඹුක්කන පොලිසිය මගින් අවට පොලිස් ස්ථාන වෙත දැනුම් දී ඇති බවත් ඔවුන්ගේ සහය ඇතිව සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා රඹුක්කන පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
පොලිස් සිරමැදිරියෙන් පැන්න සිව් දෙනෙකු සොයා පරීක්ෂණ