(ඞී.කේ.රත්න)
බණ්ඩාරවෙල බිදුණුවැව අලුත්ගම ප‍්‍රදේශයේදී අද (11) හෙරොයින් ජාවාරමක නිරතව සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමේදී එම පුද්ගලයා ආධුනික උප පොලිස් පරීක්ෂකවරයෙකු සපා කෑම හේතුවෙන් එම උප පොලිස් පරීක්ෂකවරයා තුවාල ලබා ඇතයි බණ්ඩාරවෙල පොලීසිය පවසයි.
අලුත්ගම ප‍්‍රදේශයේ පුද්ගලයෙකු හෙරොයින් අළෙවි කරන බවට බණ්ඩාරවෙල පොලිසියට ලැබුණු තොරතුරක් මත දුෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් විසින් එම ප‍්‍රදේශයට ගොස් මෙම පුද්ගලයා පරීක්ෂා කිරීමට යාමේදී පලායාමට උත්සහ කර ඇති අතර එම අවස්ථාවේදී එම පුද්ගලයා අල්ලා ගැනීමට උත්සහ කිරීමේදී මෙසේ සපා කා තිබේ.
පසුව මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන සිදු කළ පරීක්ෂාවකදී සැකකරු සන්තකයේ තිබී හෙරොයින් මිලිග‍්‍රෑම් 2700ක් සොයා ගත් බව පොලිසිය කියයි.
බණ්ඩාරවෙල බිදුණුවැව අලුත්ගම ප‍්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි පුද්ගලයෙකු මෙසේ පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
2025 දෙසැම්බර් මස 18
301
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
200
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
997
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිස් නිලධාරියකු සපා කෑ පුද්ගලයෙකු අත්අඩංගුවට