(අජිත්ලාල් ශාන්තඋදය)
රත්නපුර නගරයේ දී පොලිස් නිලධාරියෙකුට පහරදී සැකකරුවන් පලාගිය බවට සැකකරන මෝටර් රථයක් රත්නපුර අතිරේක දිස්ත‍්‍රික් ලේකම්වරයෙකු සඳහා වෙන්කර ඇති නිල නිවසේ ගරාජයක තිබී අද (30) අත්අඩංගුවට ගත් බව රත්නපුර පොලිසිය පැවසීය.
රත්නපුර මුවගම පිහිටි එම නිල නිවසේ ගරාජය තුළ මෝටර් රථය දමා ඇතුළු පැත්තෙන් අගුල්ලා තිබූ බවද පොලිසිය පැවසීය.
රත්නපුර නගරයේ දී පොලිස් නිලධාරියෙකුට තිදෙනෙකු විසින් මීට දින කිහිපයකට පෙර පහරදී පලාගොස් තිබුණේ මෝටර් රථයකිනි.
පලාගිය මෝටර් රථය සහ පහරදුන් තිදෙනා අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටියදී පොලිසියට ලද තොරතුරක් අනුව මෙම නිල නිවස පොලිසිය සෝදිසි කළ අවස්ථාවේ එහි ගරාජය තුළ සැකකටයුතු මෝටර් රථය තිබී සොයාගෙන තිබේ.
රත්නපුර අතිරේක දිස්ත‍්‍රික් ලේකම් නැවතී සිටින්නේ මෙම නිල නිවසේ බව පොලිසිය පැවසීය. මෙම මෝටර් රථය ඔහුගේ නිල නිවසේ තිබී හමුවුවද පොලිස් නිලධාරීන්ට පහරදීමේ සිද්ධියට අතිරේක දිස්ත්රික් ලේකම්වරයා සම්බන්‍ධයක් නැති බව ද පොලිසිය සඳහන් කළේය.
පෞද්ගලික මූල්‍ය සමාගමක කළමනාකාරවරයෙකුට එම මෝටර් රථය අයත් බවට තොරතුරු ලැබී ඇති බව ද පොලිසිය කීය.
පොලිස් නිලධාරියාට පහරදීමෙන් පසු සැකකරුවන් මෝටර් රථයෙන් පලාගොස් අතිරේක දිස්ත‍්‍රික් ලේකම්වරයාගේ නිල නිවසේ ගරාජයේ දමන්නට ඇති බවද පොලිසිය සැකකරයි.
මෙම සිද්ධියෙන් පහර කෑ පොලිස් නිලධාරියා රත්නපුර මහ රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ගෙන මේ වනවිට රෝහලෙන් පිටව ගොස් ඇති බව ද පොලිසිය සඳහන් කළේය.
අතිරේක දිස්ත‍්‍රික් ලේකම්වරයාගෙන් ප‍්‍රකාශයක් ලබාගෙන වාහනයේ නියම අයිතිකරු දැනගෙන ඔහු අත්අඩංගුවට ගැනීමට ක‍්‍රියා කරන බවද පොලීසිය පැවසීය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
පොලිස් නිලධාරියෙකුට පහරදුන් සැකකරුවන් පලාගිය මෝටර් රථය සොයාගනී
විමන්සා Wednesday, 06 November 2019 01:20 PM
රත්නපුර අතිරේක දිස්ත්රික් ලේකම්වරයා රාජ්‍ය සේවය අපකීර්තියට පත්කර ඇතිබව පැහැදිලිව පෙනේ. ඔහුට ආයතන සංග්‍රහය වලංගු නැද්ද?