(නිශාන්ත කුමාර)
පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් පුද්ගලයකු සතුව තිබූ මුදල් මංකොල්ල කෑ පුද්ගලයින් දෙදෙනෙකු අද (17) අත්අඩංගුවට ගත්බව කන්දකැටිය පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මීගහකිවුල ප්‍රදේශයේ පදිංචි 37 ත් හැවිරිදි සහ 25 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකි.
ගිරාදුරුකෝට්ට ප්‍රදේශයේ සිට මීගහකිවුල නගරයට පැමිණි පුද්ගලයෙකු දුම්වැටියක් පානය කිරීම සඳහා නගරය ආසන්නයේ තිබූ ස්ථානයකට ගොස් සිටියදී සිවිල් පොලිස් නිලධාරීන් ලෙස පැමිණි මෙම පුද්ගලයින් දෙදෙනා ඔහු බිය ගන්වා ඔහුගේ මුදල් පසුම්බිය පරීක්ෂා කර ඔහු සතුව තිබූ රුපියල් 2,700 ක මුදලක් කොල්ලකා පලා ගොස් ඇති බව පොලිසිය පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් එම පුද්ගලයා කන්දකැටිය පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත පරීක්ෂණ පැවැත් වූ පොලිස් නිලධාරීන් සිද්ධිය සිදුවී සුලු වේලාවකට පසු සැකකරුවන් මංකොල්ල කෑ මුදල් ද සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා හෙට (18) බදුල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
පොලිස් නිලධාරීන් යැයි පවසා මුදල් ගත් දෙදෙනෙක් අත්අඩංගුවට