IMG-LOGO

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා


පොලිස් නිලධාරීන් දෙදෙනකුට පහරදුන් සිවිල් ඉංජිනේරුවරයකු අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
අල්ලස් මුදල් ලබා ගැනීම ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරීන් දෙදෙනාට පහර දී තුවාල සිදුකර පලායාමට උත්සහ කළ බව කියන සිවිල් ඉංජිනේරුවරයකු  අත්අඩංගුවට ගත්බව බම්බලපිටිය පොලිසිය කියයි.
 
අත්අඩංගුවට ගත් සිවිල් ඉංජිනේරුවරයා කැළණිය ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කියයි.
 
තුවාල ලද පොලිස් කොස්තාපල් උදයසිරි සහ පොලිස් කොස්තාපල් ප්‍රේමලාල් යන මහත්වරු දෙදෙනා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.
 
බම්බලපිටිය පොලිස් වසම ආවරණය වන පරිදි රථ වාහන මෙහෙයුමක් පවත්වා ඇති අතර තුවාල ලද පොලිස් නිලධාරීන් දෙදෙනා සහ තවත් නිලධාරීන් කිහිප දෙනෙකු ඩුප්ලි කේෂන් පාරේ ශාන්ත මේරි විදුහල අසල රාජකාරියෙහි යෙදී  සිට ඇතැයි පොලිසිය කියයි.
  
රථ වාහන මෙහෙයුමේදී මෝටර් රථයක් නැවතු පොලිස් නිලධාරීන් ඔහුගේ වාහන බල පත්‍රය ඉල්ලා ඇති අතර ඒ අවස්ථාවේ රියදුරු මත් පැන් පානය කර සිටි බව පොලිස් නිලධාරියෙකු පවසා ඇත.
 
මත් පැන් පානය කර ඇත්දැයි පරීක්ෂා කිරීමට යාමේදී සැකකාර රියදුරා පොලිස් නිලධාරීන්ට අල්ලස් ලබා දීමට උත්සහ කර ඇත.
 
පොලිස් නිලධාරීන් එය ප්‍රතික්ෂේප කිරීම සමඟ උරන වූ රියදුරා ඔවුන් දෙදෙනාට පහර දී පලා යාමට උත්සහ කර ඇති බවත් පසුව සෙසු පොලිස් නිලධාරීන් එක්ව සැකකරු අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පවසයි.



අදහස් (0)

පොලිස් නිලධාරීන් දෙදෙනකුට පහරදුන් සිවිල් ඉංජිනේරුවරයකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31985 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14439 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11223 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 20 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 279 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1226 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site