IMG-LOGO

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා


පොලිස් නිලධාරීන්ට පහරදුන් තිදෙනෙකු අත්අඩංගුවට

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
 
ආණමඩුව පොලිස්ථානයේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහරදීම සම්බන්ධව තරුණයින් තිදෙනෙකු අද(9) සැකපිට අත්අඩංගුවට ගත් බව ආණමඩුව පොලිසිය කියයි.
 
මෙසේ පහරකෑමට ලක්ව ඇත්තේ, ආණමඩුව පොලිසියට අනුයුක්තව සේවය කරමින් සිටි (4500) අබේසිංහ , (60935) අසේල යන පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකි.
 
අදාල නිලධාරීන් දෙදෙනා 8 වන දින රාත්‍රියේ ආණමඩුව තෝනිගල ප්‍රදේශයේ හෝටලයකට පැමිණ ඇති බවත් එහිදී ඇතිවූ සුළු සිද්ධියක් මුල් කරගනිමින් එම ස්ථානයේ සිටි පුද්ගලයකු ඔවුන්ට පහර දී ඇති බවත් පොලිසිය කියයි.
 
පහරදීමට සම්බන්ධ සැකකරු අධික ලෙස මත්පැන් පානය කර තිබූ බවත් සැකකරු පහර දෙන අවස්ථාවේ ඔහු සමග සිටි අනෙක් තරුණයින් දෙදෙනෙකු එම පහරදීම වැළැක්වීමට උත්සාහ කර ඇති බවත්,
එම පොලිස්  නිලධාරීන් ප්‍රකාශ ලබා දී තිබේ.
 
පහරදීම සම්බන්ධයෙන් ආණමඩුව පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා ආණමඩුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

පොලිස් නිලධාරීන්ට පහරදුන් තිදෙනෙකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31991 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14446 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11226 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 21 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 280 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1227 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site