(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පොලිස් අණ නොතකා පලා යමින් සිටි වෑන් රථය කිලෝ මීටර් 12 ක් පසු පස තබාගොස් මීගහතැන්න ප්‍රදේශයේ දී කුඹුරකට පෙරැළීමත් සමඟ එහි රියදුරු අද (7) අත්අඩංගුවට ගත් බව කිනියාවල පොලිසිය පවසයි.
පෙරලුණු වෑන් රථය තුළ තදට ගැට ගසා සිටි ගවයින් සිව් දෙනෙකු සිටි බව පොලිසිය කියයි.
කිනියාවල පොලිසිය මාර්ග බාධක යොදා සැකකටයුතු වාහන පරීක්ෂා කිරිමේ යෙදී සිටියදී පැලවත්ත පිටිගල මාර්ගය ඔස්සේ පැමිණෙමින් තිබූ වෑන් රථය නැවතීම සඳහා පොලිස් නිලධාරින් සංඥා කර තිබේ. නමුත් එම සංඥා නොතකා වාහනය ඉදිරියට ධාවනය කිරීමත් සමඟ ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරින් කැබ් රථයකින් වෑන් රථය පසුපස හඹා ගොස් ඇත.
එහිදී වෑන් රථය තුළ සිටි එක් පුද්ගලයකු වීදුරුව තුළින් පිටතට පැන පලා ගොස් ඇතැයි පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් කිනියාවල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
2025 නොවැම්බර් මස 17
43
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
879
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2514
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
පොලිස් අණ නොතකා පලා ගිය වෑන් රිය කුඹුරට පෙරැළෙයි
ravi Tuesday, 07 January 2020 08:13 AM
ඇත්තටම..............මෙහෙමත් හරක් ජාතියක්.