ඔගස්ටින් ප්‍රනාන්දු
යකඩ පොල්ලකින් පහර දි පුද්ගලයකු ඝාතනය කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් පවරා තිබූ නඩුවක වරදකරුවන් වු ඥාති සොයුරන් දෙනෙකුට හලාවත මහාධිකරණ විනිසුරු වයි ප්‍රනාන්දු මෙනෙවිය අද ( 25 දා ) මරණ දඩුවම නියම කළාය.
මෙසේ මරණ දඩුවම නියම වුයේ නාත්තණ්ඩිය දුන්කන්නාව මානිංගල ප්‍රදේශයේ පදිංචි ප්‍රදීප් නුවන් හෙවත් නුවන් සිල්වා හෙවත් රතුවා ( 28 ) සහ නම්මුණි ආරච්චිලාගේ කළණ විජේමාල් සිල්වා ( 26 ) නම් දෙදෙනාය.
2011 නොවැම්බර් මස 16 වැනි දා හෝ ඊට ආසන්න දිනයක දී හලාවත මහාධිකරණ බල සීමාවේ නාත්තණ්ඩිය දුන්කන්නාවේ දී මිහිදුකුලසුරියගේ චමින්ද ප්‍රනාන්දු නමැති අයගේ මරණය සිදු කිරිමේ චෝදනව මත විත්තිකරුවන්ට එරෙහිව චෝදනා නගා තිබුණි.
මෙම මනුෂ්‍ය ඝාතනය සිදු කරණ කාලයේ දි විත්තිකරුවන් වයස අවුරුදු 20ට වඩා අඩු විය.
කලින් දිනයක දි මරණකරු විත්තිකරුවන්ගේ සහෝදරයෙකුට පහර දිම නිසා දෙපාර්ශ්වය අතර විරසැකයක් පැවැති බවත්, මෙදින මත්පැන් පානය කර සිටි විත්තිකරුවන් තම යතුරු පැදියට පෙට්රල් ගැනීමට දුන්කන්නාව ඉන්ධන හලට ගිය අවස්ථාවේ දි මිය ගිය අය සිය ත්‍රිවිලයට ඉන්ධන ලබා ගෙන පිටව යනු දැක කෝපයට පත්වී යකඩ පොල්ලක් ගෙන පහර දුන් බව සාක්කිවලින් අනාවරණය විය.
2025 දෙසැම්බර් මස 18
360
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
215
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොල්ලකිග් ගසා පුද්ගලයකු මැරූ දෙදෙනකුට මරණ දඬුවම