IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


පලායෑමට තැත් කළ සැකකරුට වෙඩිතබා අල්ලයි

(ගල්කිරියාගම කුෂාන් ජයවර්ධන)

අධිකරණයේ කටයුතු නිමවීමෙන් පසු බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පැන යාමට තැත්කරමින් කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධිකරණ ශාලාවේ සිවිලිමට නැග සිටි සැකකරුවකු වෙඩිතබා මෙල්ලකර අත්අඩංගුවට ගැනීමට අනුරාධපුර බන්ධනාගාර නිලධාරීහු ඊයේ (11) රාත්‍රීයේ කටයුතු කළහ.

අනුරාධපුර බන්ධනාගාර නිලධාරින් විසින් පැය 4කට ආසන්න කාලයක් එම මෙහෙයුම දියත් කළ අතර කැකිරාව පොලිස් ස්ථානයේ නිලධාරින්ගේ සහය ද ඊට ලැබී තිබිණි.

මෙලෙස අධිකරණ ශාලාවේ සිරකුටියෙන් පැනයාමට උත්සාහ කර ඇත්තේ අධිකරණයේ විවෘත වරෙන්තුවක් මත ගල්කිරියාගම පොලිස් ස්ථානය මගින් අත්අඩංගුවට ගෙන ඊයේ 11 කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ සැකකරුවෙකි.

අධිකරණයේ පැවැති නඩුකටයුතු නිමාවීමෙන් පසුව බන්ධනාගාර ගතකිරීමට නියමිතව අධිකරණ ශාලාවේ සිරමැදිරියේ රඳවා සිටි සැකකරුවන් අනුරාධපුර බන්ධනාගාරය වෙත රැගෙන යාමට බන්ධනාගාර නිලධාරින් කටයුතු කරමින් සිටි අවස්ථාවේ සැකකරු මෙලෙස පලායාමට උත්සහ දරා තිබිණ. එම සැකකරු මීට පෙර අවස්ථාවකදීද බන්ධනාගාරගතව සිටියදී බන්ධනාගාරයෙන් ද පැන ගොස් ඇති අයෙකු බවත් පොලිසිය කියයි.

බන්ධනාගාර නිලධාරීන්ගේ අත්අඩංගුවට පත් සැකකරු බන්ධනාගාර විශේෂ බස් රථයකින් කඩිනමින් අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත අතුළත් කිරීමට ද බන්ධනාගාර නිලධාරීහු කටයුතු කළහ.

පොලිසිය පවසන්නේ මෙලෙස බන්ධනාගාර නිලධාරීන්ගේ වෙඩි ප්‍රහාරයට ලක්ව ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර ඇත්තේ නිවාස බිඳුම් ඇතුලු චෝදනා එල්ලවී ඇති ගලේවෙල යටිගල්පොත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු බවයි.



අදහස් (0)

පලායෑමට තැත් කළ සැකකරුට වෙඩිතබා අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site