IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


‘පලාගල ප්‍රා. සභා රැස්වීමට ජංගම දුරකතන තහනම් ‘

(කුෂාන් ජයවර්ධන)
 
පලාගල ප්‍රාදේශීය සභාවේ මාසික මහා සභා  රැස්වීම පැවැත්වෙන  ශාලාව තුළට ජංගම දුරකන රැගෙන ඒම ලබන සභා වාරයේ සිට  තහනම් කිරීමට අද(13)  පැවැති රැස්වීමේදී තිරණයක් ගෙන තිබේ.
 
මෙවර රැස්වීම  සභාපති ආර්.ඒ වික්‍රමසිංහ මහතා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
 
සභාපතිවරයා සමඟ  විපක්ෂ මන්ත්‍රීවරයකු  සිදුකර  ඇති දුරකතන සංවාදයක් ආණ්ඩුපක්ෂයේ සෙසු මන්ත්‍රීවරුන්ට  ඉදිරිපත් කරමින් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් අතර බෙදීමක් ඇති කිරීමට ඉකුත් දිනවල විපක්ෂයේ සිටින එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයකු කටයුතු කර තිබීම  ඊට හේතුව ලෙස  එහිදී සඳහන් කළේය.
 
 
පලාගල ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණු මන්ත්‍රී  ජයතිලක බංඩාර මහතා විසින් මේ සම්බන්ධයෙන් වූ කරුණු අද  පැවැති සභා රැස්වීමේදී  හෙළි කළේය.
 
 
සභා රැස්වීමේ දී හා පෞද්ගලිකව කරනු ලබන කතා හා සාකච්ඡා පෞද්ගලික දුරකතන මගින්  පටිගත කර ගෙන පහත් දේශපාලන උවමනාවන්වෙනුවෙන් යොදා ගැනීමට විපක්ෂයේ සිටින ඇතැම් මන්ත්‍රීවරු කටයුතු කිරීම පිළිකුලින් යුතුව හෙළා දකින බවද සභාපතිවරයා මෙහිදී පැවැසීය.
ඒ අනුව ලබන සභා වාරයේ සිට සභා ශාලාව තුළට මන්ත්‍රීවරුන්ට ජංගම දුරකතන රැගෙන ඒම තහනම් කරන ලෙස සභාපතිවරයා එහි ලේකම්වරියට අද  පැවැති මාසික රැස්වීමේදී දැනුම්දෙනු ලැබීය.



අදහස් (0)

‘පලාගල ප්‍රා. සභා රැස්වීමට ජංගම දුරකතන තහනම් ‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 27 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 875 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2508 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site