(මොහොමඩ් ආසික්)
මධ්‍යම කඳුකරයේ බොහෝ ප්‍රදේශවලට අද (17) ඇද හැළුණ අධික වර්ෂාව හේතුවෙන් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යමින් පවතියි.
මහවැලි ගඟේ ජල පෝෂක ප්‍රදේශවලට තද වැසි ඇති වීම හේතුවෙන් මහවැලි ගඟේ ජල මට්ටම පාලනය කර ගැනීම සඳහා පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු තුනක් විවෘත කර ඇත.
පොල්ගොල්ල ජලාශය භාර කාර්යභාර ඉංජිනේරු අතුල පුෂ්ප කුමාර මහතා සඳහන් කළේ අද සවස 3.30 වන විට ජලාශයේ වාන් දොරටු තුනක් විවෘත කර ඇති බවත් ජලාශයට තත්පරයකට ඝණ අඩි 7600 ක ජල ධාරිතාවක් ලැබෙමින් ඇති බවත් එයින් විවෘත කර ඇති වාන් දොරටු තුන හරහා තත්පරයකට ඝණ අඩි 4600 ක් වික්ටෝරියා ජලාශය වෙත මුදා හැරෙන බවත්ය.
තත්පරයකට ඝණ අඩි 2000 ක තවත් ප්‍රමාණයක් උමං මාර්ගය හරහා බෝවතැන්න ජලාශය වෙත මුදා හරින බවත් ඒ මහතා සඳහන් කළේය.
කෙසේ නමුත් ජලාශයේ ජල මට්ටම නිතරම වාන් මට්ටමට පහළින් පවත්වාගෙන යාමට කටයුතු කරන බවද කාර්යභාර ඉංජිනේරු පුෂ්පකුමාර මහතා වැඩිදුරටත් කීය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු තුනක් අරී