IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


ප්‍රා.සභා මන්ත්‍රීවරයෙකුගේ මළ සිරුරක් සොයාගනී

( රොමේෂ් මධුෂංඛ )

යාපනය වලිකාමම් නැගෙනහිර ප්‍රාදේශීය සභාවේ සභිකයෙකු වශයෙන් කටයුතු කල පුද්ගලයෙකුගේ මළ සිරුරක් යාපනය තොණ්ඩමන්නාරු මයිලන්තනෙයි මුහුදේ පාවෙමින් තිබියදී අද (25) උදෑසන සොයාගත් බවට වැලවැටිතුරෙයි පොලීසිය පැවසීය.

මෙසේ මිය ගොස් ඇත්තේ යාපනය වලිකාමම් නැගෙනහිර ප්‍රාදේශීය සභාවේ දෙමළ ජාතික ජනතා පෙරමුනේ සභාකයෙකු වූ 37 හැවිරිදි ඉලංගනාදන් සෙන්දුරන් නැමත්තා බවට හඳුනාගෙන ඇත.
 
ඔහු ඊයේ (24 ) දින සිට අතුරුදහන්ව ඇති බවට පවුලේ ඥාතීන් විසින් වැල්වැටිතුරෙයි පොලීසියට පැමිණිළි කොට ඇති අතර පසුව පොලීසිය විසින් සිදුකරන ලද පරික්ෂණ වලදී අතුරුදහන් පුද්ගලයාගේ යතුරුපැදිය, ජංගම දුරකතනය හා හැඳුනුපත් ආදිය මයිලන්තෙයි මුහුදු වෙරල ආසන්නයේ පිහිටි සුසාන භූමිය ආසන්නයෙන් සොයාගනු ලැබීය.
 
අනතුරුව අද උදෑසන ප්‍රදේශවාසියෙකු විසින් මුහුදේ පාවෙමින් තිබූ එම පුද්ගලයාගේ මළ සිරුර දක ඒ බව පොලීසිය දැනුම් දී ඇති අතර පොලීසිය එම ස්ථානයට පැමිණ මළ සිරුර රැගෙන යාමෙන් පසුව ඥාතීන් විසින් අතුරුදහහන් පුද්ගලයා බවට හඳුනා ගෙන ඇත.
 
මිය ගිය පුද්ගලයා මිය යාමට හේතුව මෙතෙක් අනාවරනය වී නොමැති අතර ඝාතනයක් බවට පරික්ෂණ සිදු කරන වැල්වැටිතුරේයි පොලීසිය සැක පල කොට සිටියි.
 

 



අදහස් (0)

ප්‍රා.සභා මන්ත්‍රීවරයෙකුගේ මළ සිරුරක් සොයාගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 799 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2450 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1768 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site